Wednesday, October 28, 2026
HomeNEWSරක්ෂණ සංස්ථාවෙන් ජාතික ආර්ථිකයට වැඩක් ගතයුතු බව ජනපති අවධාරණය කරයි.

රක්ෂණ සංස්ථාවෙන් ජාතික ආර්ථිකයට වැඩක් ගතයුතු බව ජනපති අවධාරණය කරයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙන ආයතනයක් බවට පත් කළ යුතුයි- ජනපති කාර්යක්ෂම හා ඵලදායී ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් රක්ෂණ සංස්ථාව ඉදිරියේදී මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙන ආයතනයක් බවට පත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරින් සමඟ අද (07) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන් මෙහෙයුම් කාර්යයන් පිළිබඳව මෙහිදී සමාලෝචනයට බඳුන් කෙරුණු අතර, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පාඩු ලැබුවහොත් එහි සෘජු බලපෑමට ලක් වන්නේ එහි ආයෝජනය කර ඇති ජනතාව වන බැවින් නිසි කළමනාකරණයක් මඟින් එය වඩා ලාභදායී රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වා ගෙන යා යුතු බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති නුසිත් කුමාරතුංග මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායල මහ මැතිවරණය ඉතාම උණුසුම්.. පාලක පක්ෂය හා විපක්ෂය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක්

ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය සහ විපක්ෂ සන්ධානය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක් පවතින බවට පුරෝකථනයක්: විදෙස් මාධ්‍ය

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img