අලියා හොඳ නෑ කියන කට්ටිය අලියාගේ වලිගේ එල්ලෙන්න හදනවා.
අලියා හොඳ නෑ කියලා එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ගිය පිරිස් දැන් අලියාගේ වලිගය එල්ලෙන්න සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එම පක්ෂයේ උපනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. රවි කරුණානායක මහතා ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ගිය අයට ජනතාවගෙන් කිසිම සමාවක් නොලැබෙන බවයි. එක්සත් ජාතික පක්ෂය ඉදිරියට යන බවත් අලියා හොඳ නැහැ කියපු කට්ටිය දැන් අලියාගේ වලිගය එල්ලෙන්න හැදුවට ඊට ඉඩ නොදෙන බවත් රවි කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






















