හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට පෙර රැස්වීම් වලට ගොස් එම විවේචනය එල්ල කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග මහතා තීරණය කර ඇත. ඔහු මේ බව රැස්වීම් සම්බන්ධීකරණය කරන පිරිස් ට ද දැනුම් දී ඇති බව වාර්තා වේ. අගමැතිතුමාගේ රැස්වීම් වලට එන්න කලින් මට ඕන ටික කියාගත්ත ම පහසුයි. ඒ නිසා අගමැතිතුමා එන්න කලින් මට කතාව දෙන්න යනුවෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ. විශේෂයෙන්ම පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති රැස්වීම් වලට සහභාගි වීමට පෙර ප්‍රසන්න ranathunga මහතා මේ බව සඳහන් කර තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.






















