Thursday, April 16, 2026
HomeNEWSට්‍රම්ප්ට එරෙහිව විරෝධතා... නීති විරෝධී සංක්‍රමණයකින් දිගටම අත්අඩංගුවට.

ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා… නීති විරෝධී සංක්‍රමණයකින් දිගටම අත්අඩංගුවට.

නීතිවිරෝධී සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතාවලට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් ජාතික ආරක්ෂක භටයින් 2,000ක් සහ මැරීන් භටයින් 700ක් ලොස් ඇන්ජලීස් වෙත යවා තිබේ.ව්‍යාජ අවසරපත් භාවිත කරමින් අමෙරිකාවේ රැඳී සිටින සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නියෝග කළේය.අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව එරට විරෝධතා රැසක් ආරම්භ වූ අතර ලොස් ඇන්ජලීස් හී එම විරෝධතා දැඩි මුහුණුවරක් ගනු ලැබීය.ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතික ආරක්ෂක භටයින් 2,000ක් යෙදවීමට පියවර ගැනීමත් සමගය.මේ අතර අමෙරිකාවේ විරෝධතා පැවැත්වෙන අතරතුරද ලොස් ඇන්ජලීස් නගරය පුරා සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදුවෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img