Tuesday, September 8, 2026
HomeNEWSLatest Newsනිරෝධයන මධ්‍යස්ථාන වල ඉඩකඩ සීමා වීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව...

නිරෝධයන මධ්‍යස්ථාන වල ඉඩකඩ සීමා වීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර වෙයි.

නිරෝධයන මධ්‍යස්ථාන වල ඉඩකඩ සීමා වීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර වෙයි.

අද උදෑසන වාර්තා වූ පරිදි, ශ්‍රී ලංකාව තුළ දැනට උද්ගත වී තිබෙන කෝවිඩ්-19 වසංගත තත්ත්වය අතිශයින් ව්‍යසනකාරී මට්ටමකට උග්‍ර විය හැකි බව, සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ඇති  විශේෂඥ මතය වී තිබේ. ඇති විය හැකි වසංගත උවදුරු වළක්වා ගැනීම සඳහා ජනතාවට තමාගේ ආරක්ෂාව සලසා ගැනීම ඉතාමත් වැදගත් වන බව අවධාරණය කරමින්, සෞඛ්‍ය උපදෙස් සිය උපරිම හැකියාව අනුව පිළිපදින මෙන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 

කෙසේ වෙතත්, ව්‍යසනකාරී තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම පිණිස, පාලිත කොරෝනා තත්ත්වයක් යටතේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මාර්ගෝපදේශ මේ වන තෙක් ගැසට් නොකිරීම අතිශයින් කණගාටුදායක තත්ත්වයකි. එකී මාර්ගෝදේශ සැබවින්ම ජනතාව සහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සංවිධානය කරන පුද්ගලයන් විසින් පිළිපදින බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය වන බලතල කිසිවක් රාජ්‍ය නිලධාරීන් හට ලැබී නැත. ඊට හේතුව එම මාර්ගෝපදේශ ගැසට් පත්‍රයක් මගින් නීතිගත කොට නොතිබීමයි. මේ වන විට, මැතිවරණ ප්‍රචාරණයේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙස ගරු අග්‍රාමාත්‍යවරයා විසින් ද  ඉල්ලීමක් සිදු කර තිබේ. කෙසේ වෙතත්, නීතිමය වශයෙන් ක්‍රියාවට නැංවීමේ බලයක් නොමැති ඉල්ලීමක් මගින් දේශපාලන ප්‍රචාරණය වැනි අතිශය තරඟකාරී පරිසරයක් තුළ සිදු කළ හැකි බලපෑම අල්ප වේ. දැනට පවතින නීතිමය හිඩැසෙන් අයතු සහ අනර්ථකාරී ප්‍රයෝජන ලබමින්, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය වන ආකාරයේ ජන රැළි සංවිධානය කිරීම බෝහෝ දේශපාලඥයන් විසින් පසුගිය සති කිහිපය පුරා සිදු කරනු දක්නට ලැබිණි.

දේශපාලඥයන් විසින් එසේ වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම පසුගිය මාස ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ ජනතාව කොරෝ්නා උවදුරෙන් මුදවා ගැනීම පිණිස සිය දිවි පරදුවට තබා කටයුතු කළ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ ප්‍රයත්නය අපතේ යාමට ඉඩ හැරීමකි. එය ඔවුන්ගේ උදාර සේවයට සහ කැපවීමට කරනු ලබන බලවත් අපහාසයකි. 

මෙවැනි කණගාටුදායක තත්ත්වයක් හමුවේ ජනතාව සිය සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට තමන්ට හැකිසෑම අයුරකින් ම කටයුතු කළ යුතු බව අවාරණය කරමි. තව ද, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මැතිවරණයට අදාළව නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩිනමින් ගැසට් කරනු ඇතැයි මම පොදු ජනතා සුභසිද්ධිය පෙරටු යහපත් චේතනාවෙන් අපේක්ෂා කරමි. එම මාර්ගෝපදේශයන්ට නීතිමය වටිනාකමක් ලබා දී රටත් ජනතාවත කොරෝනා උවදුරින් බේරා ගැනීමට කටයුතු කරන මෙන් සියලු වගකිවයුතු නිලධාරීන්ගෙන් සහ දේශපාලන නායකත්වයෙන් ආයාචනය කර සිටිමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img