Friday, August 21, 2026
HomeNEWSපාසල් කාලය වැඩි කළොත් වැටුප් වැඩිවීමකුත් අවශ්‍යයි-ගුරු සංගම්

පාසල් කාලය වැඩි කළොත් වැටුප් වැඩිවීමකුත් අවශ්‍යයි-ගුරු සංගම්

රජය විසින් පාසල් පැවැත්වෙන කාලය විනාඩි 30 කින් දීර්ඝ කිරීමට යෝජනා කරන්නේ නම්, ඊට සමගාමීව ගුරුවරුන් සඳහා සාධාරණ වැටුප් වැඩිවීමක් ලබා දිය යුතු බව ගුරු සංගම් අවධාරණය කරයි.දැනට පවතින පාසල් වේලාව දීර්ඝ කිරීම මගින් ගුරුවරුන්ගේ රාජකාරි හා වගකීම් වැඩි වන බවත්, එම අමතර වගකීම් ඉටු කිරීම සඳහා සාධාරණ වන්දියක් හිමි විය යුතු බවත් ඔවුහු පෙන්වා දෙති.ලංකා ස්වාධීන ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, යෝජිත වැඩපිළිවෙළ මගින් ඉගැන්වීමේ කාලය දීර්ඝ කිරීම තුළින් ඵලදායිතාවක් අපේක්ෂා කරන බවයි.“දවසකට විනාඩි තිහකින් පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීමෙන්, මාසයකට සේවා දින විස්සක් ආවරණය වනවිට, මාසයකට පැය දහයක කාලයක් ගුරුවරු අමතරව සේවය කළ යුතු වෙනවා. එසේ බලන විට ගුරු වැටුපට එය සෘජු බලපෑමක් එල්ල වෙනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.පාසල් වේලාව දීර්ඝ කිරීම තුළින් ගුරුවරුන්ගේ රාජකාරි මෙන්ම වගකීම් කාලයද දීර්ඝ වන බවත්, මෙම තත්ත්වය හමුවේ ගුරුවරුන්ගේ වැටුපද අනිවාර්යයෙන්ම සාධාරණව වැඩි කළ යුතු බවත් විජේරත්න මහතා අවධාරණය කළේය.එසේම, අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 විරුද්ද මහනායක හිමිවරුත් හොරුද.. ඇප පිටද.. සැක පිටද..

දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු. ​දැන් ගරු සභාපතිතුමිය, ගරු මහා නායක...

නන්දා මාලනිය වෙනුුවෙන් තෙදිනක ශෝක කාලයක් – අවසන් කටයුතු 22 සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායන වේදනී, විශාරද ආචාර්ය නන්දා මාලනියගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු මස 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස...

දිස්ත්‍රික්ක රැසකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...

වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක් – පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කථානායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img