Saturday, August 15, 2026
HomeNEWSAI මගින් ඇමති විජිතට මඩ ගැසූ සජබ ක්‍රියාකාරයෙකුට එරෙහිව රහස් පොලිසියට පැමිණිල්ලක්

AI මගින් ඇමති විජිතට මඩ ගැසූ සජබ ක්‍රියාකාරයෙකුට එරෙහිව රහස් පොලිසියට පැමිණිල්ලක්

AI යෙදවුම් ඇසුරින් අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව යොදා සංස්කරණය කළ අපහාසාත්මක ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළට මුදා හළ සමගි ජනබලවේගයේ ප්‍රබල තරුණ ක්‍රියාකරුවෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි*https://www.facebook.com/profile.php?id=100080459419676&sk=reels_tab යන ෆේස්බුක් ගිණුම හිමි මුජාහිත් හාෆිස් යනුවෙන් පෙනී සිටින තැනැත්තෙකු විසින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන නායකයෙකු වන විජිත හේරත් මහතා යැයි හැඟවෙන රූපය සහ ජනතා විමුක්ති පෙරමුණේ පසුබිම භාවිත කරමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළට මුදා හැර තිබේ. එය අපහාස කිරීමේ අරමුණින් ව්‍යාජ ලෙස AI තාක්ෂණයෙන් සංස්කරණය කරන ලද වීඩියෝවක් බව පෙනී යයි. එමගින් අමාත්‍ය විජිත හේරත්, ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ කීර්ති නාමයට හානි සිදු වී ඇත. එබැවින් මේ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කර එම ගිණුම් හිමියාට එරෙහිව නීතීමය පියවර ගන්නා ලෙස අද (15) දින අමාත්‍ය විජිත හේරත් මහතාගේ සම්බන්ධීකරණ ලේකම් චමින්ද ජයනාථ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නඩු ප්‍රමාණය වැඩිවීම නිසා ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධානඅභියෝගයක්- අධිකරණ ඇමතිි හර්ෂණ

• නඩු ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක්. • ආරවුලක් ඇති වූ විට අධිකරණය වෙත යාමට පෙර, එය සාමකාමීව විසඳා...

ජනපති ප්‍රමුඛ මාලිමාව අධිකරණයේ ස්වාධීනත්වය සමූල ඝාතනය කරනවා- විපක්ෂ නායක සජිත්

ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමාව ගරු අධිකරණයේ ස්වාධීනත්වය සමූළ ඝාතනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ගරු අධිකරනයේ ස්වාධීනත්වය සමූල ඝාතනයට ලක්...

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්… ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නැහැ

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතට ඔබ්බෙන් ඉන්දියන් සාගරය ආශ්‍රිතව අද (15) අලුයම 03.28 රිච්ටර් මාපාංක 7.7 ක ප්‍රබල භූ කම්පනයක්. ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නැහැ:...

සමුපකාර ව්‍යාපාරය සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි-ජනපති

සමුපකාර ව්‍යාපාරය වෙළෙඳපොළ තුළ සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img