Friday, July 24, 2026
HomeNEWSරජය ජනතාවගේ මානව අයිතිය උල්ලංඝණය කරලා සජිත් ගෙන් චෝදනාවක්

රජය ජනතාවගේ මානව අයිතිය උල්ලංඝණය කරලා සජිත් ගෙන් චෝදනාවක්

මේ කාලගුණ දේශගුණ තත්ත්ව මෙන්ම දේශගුණික විපර්යාස නිසා විවිධ කැලබිලි සිදු වන බවත් මේ නිසා ඇති වන ඛේදවාචකයන් ගැන, අවධානම ගැන දැනුම් දිමේ නිසි ක්‍රියාවලිය ක්‍රියාත්මක නොවුනු බවට දැන ගන්නට ලැබෙන බවත් වාර්තා අනුව අප රටේ පවුල් 611,000ක පුද්ගලයන් 2,100,000 අවතැන් වී ඇති බවත් ජීවිත දේපල අහිමිවීම මෙන්ම අතුරුදන් වූ දශලක්ෂ සංඛ්‍යාත ජනතාව සිටින බවත් මේ අවදානම විනාශය කලින් දැනුම් දුන්නා නම් යම් මට්ටමකට අවම කර ගන්න හැකියාවක් තිබු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද වරකපොළ ගලපිටමඩ කපුගොඩ වත්ත දෙමළ විද්‍යාලයේ පැවැති අවතැන් කඳවුරකට පැමිණ එහි අඩුපාඩු සොයා බැලූ අවස්ථාවේ දීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවන විට ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සක්‍රීය නොවුයේ ඇයිද කියා සිතාගත නොහැකි බවත් දින 15ක් පුරා දේශීය විදේශීය මාධ්‍ය ආයතන සහ කාලගුණ අනාවැකි පළ කරන ආයතන අනතුරු ඇගවූවත් එවැනි තත්ත්වයක් තිබියදීත් නිසි ලෙස ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවුයේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් ආපදාව ගැන දැන දැනත් ක්‍රියාත්මක නොවිම යනු විපතට පත් ජනතාවගේ මුලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සුනාමියෙන්වත් පාඩම් ඉගෙන ⁣නොගත්තත් ⁣මේ ආපදාවෙන් හෝ පාඩම් ඉගෙන ගෙන අප රටට එල්ල වන විවිධාකාර කාලගුණ දේශගුණික බලපෑම් අවම කර ගන්න කටයුතු කළ යුතු බවත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය වෙනස් විය යුතු බවත් මෙය ජීවිත අහිමි වූ ජන ජීවිත විනාශ වූ ජනතාව වෙනුවෙන් කරන යුතුකමක් විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අවදානමට ලක්වු ජනතාවට මුලික පහසුකම් ලැබුණත් මොවුන්ගේ ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න සුවිශේෂ වැඩසටහනක් අවශ්‍ය බවත් ඒ අතරතුර මේ අවතැන් වූ ජනතාවට ලබා දිය යුතු උපරිම සහන දිය යුතු බවත් ආහාර පාන මෙන්ම මිනිසකුට ජීවත් වීමට අවශ්‍ය සියලු දේ ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඇරඹෙයි.මේ වන විට මෙම විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන...

පාකිස්ථානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ඇමති විජිත අතර හමුවක්

පකිස්ථානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් පිලිපියේනේදී සිදුව තිබේ. එම හමුවෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය...

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප්...

2028 ඔලිම්පික් ඉලක්ක කරගෙන ක්‍රීඩක ක්‍රීඩීකාවන් පුහුණු කිරීම ගැන ජනපතිගෙන් උපදෙස්

නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන්ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2027 අයවැය සාකච්ඡාවේදී ජනපති අවධාරණය කරයි ජන ජීවිතය තුළ ක්‍රීඩාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img