Sunday, November 1, 2026
HomeNEWSසිංගප්පූරුවේ බෞද්ධ ජනතාවගෙන් රුපියල් මිලියන 20ක පරිත්‍යාගයක්

සිංගප්පූරුවේ බෞද්ධ ජනතාවගෙන් රුපියල් මිලියන 20ක පරිත්‍යාගයක්

සිංගප්පුරුවේ වෙසෙන බෞද්ධ ජනතාව විසින්  ආපදාවෙන් හානියට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය නගාසිටුවීම සඳහා රුපියල් මිලියන් 20 ක පරිත්‍යාගයක් විදේශ කටයුතු,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට භරදීම එම අමාත්‍යංශයේදී සිදුවිය.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි සහ සිංගප්පූරුවේ බෞද්ධ දායක මහතුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණ  මෙම පරිත්‍යාගය සිදුකළහ.

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහත සඳහන් වේ.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමි සිංගප්පූරුවේ බෞද්ධ දායක මහතුන් දෙදෙනෙකු ද ඇතුළු පිරිස සමග අමාත්‍යාංශයේ දි මා මුණගැසුනහ. ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යසනකාරී අවස්ථාවට සඳහා සිංගප්පූරුවේ බෞද්ධ ජනතාවගෙන් ලබාදෙන පරිත්‍යාගයක් ලෙස රැපියල් මිලියන 20ක චෙක්පතක් මා වෙත බාර දුන්හ. ශ්‍රී ලංකාව යළි නගාසිටුවීමේ ඉදිරි ප්‍රයත්න සඳහා ඉදිරියේ දී ද තවත් පරිත්‍යාගයන් ලබාදීමටත් දායක පිරිස පොරොන්දු වූහ. මෙම අවස්ථාවට ඩේවිඩ්, ටැන් යූ බෙන්ග්, මහින්ද මඩිහ හේවා, කිංස්ලි කුමාර පතිරගේ යන මහතුන් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...

ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් ඇතුළු රසායනික ද්‍රව්‍යවල හිඟයක්- නිරෝෂන් පාදුක්ක

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘ජල...

හෙද නිලධාරීන් 2,819කට පත්වීම්..ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට තවත් 13,000ක්

හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට 13,000ක් බඳවා ගන්නවා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img