Sunday, November 1, 2026
HomeNEWSයුරෝපා සංගමයත් ශ්‍රී ලංකාවට ලබා දෙන ආපදා ආධාර ප්‍රමාණය ඉහළ දමයි.

යුරෝපා සංගමයත් ශ්‍රී ලංකාවට ලබා දෙන ආපදා ආධාර ප්‍රමාණය ඉහළ දමයි.

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ සහන කටයුතු සඳහා ලබා දීමට එකඟ වී සිටි යුරෝ මිලියන 1.8 ආධාරය යුරෝ මිලියන 2.35 දක්වා ඉහළ දමා ඇත.

ඒ අනුව ඉන් ආධාර කොටසක් රැගත් යුරෝපා සංගමයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් පසුගිය (17)දා අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය. බෝයිං – 747 – 400 විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන රටවලට අයත් ආධාර රැගෙන එනු ලැබී ය.

ජර්මානු ආධාර ලෙස යුරෝ ලක්ෂ 05ක් වටිනා ආපදා ආධාර තොගයක් සහ ලක්සම්බර්ග් රාජ්‍යයේ මානුෂීය ආධාර ලෙස කූඩාරම්, මුළුතැන්ගෙයි උපකරණ, මෙට්ට ඇතුළු ආධාර තොගය මෙලෙස අද රැගෙන එනු ලැබුණි.

මෙම ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජර්මාණු නියෝජ්‍ය තානාපතිනිය සරා හසල්බාත් (Sarah Hasselbarth) යුරෝපා සංගමයේ පියරේ ට්‍රිපොන් (Pierre Tripon) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...

ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය ක්ලෝරීන් ඇතුළු රසායනික ද්‍රව්‍යවල හිඟයක්- නිරෝෂන් පාදුක්ක

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘ජල...

හෙද නිලධාරීන් 2,819කට පත්වීම්..ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට තවත් 13,000ක්

හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට 13,000ක් බඳවා ගන්නවා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img