Wednesday, September 9, 2026
HomeNEWSඉරාන පාපන්දු කණ්ඩායම ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරාන ක්‍රීඩා ඇමතිගේ දැඩි විරෝධය

ඉරාන පාපන්දු කණ්ඩායම ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරාන ක්‍රීඩා ඇමතිගේ දැඩි විරෝධය

ඉරාන පාපන්දු කණ්ඩායම ගැන ට්‍රම්ප්ගෙන් මතභේදාත්මක ප්‍රකාශයක්ඉරාන පාපන්දු කණ්ඩායම ගැන ට්‍රම්ප්ගෙන් මතභේදාත්මක ප්‍රකාශයක් අමෙරිකාවේද සත්කාරකත්වය යටතේ ඉදිරියේ දී ආරම්භවීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටින ඉරාන පාපන්දු කණ්ඩායම ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.ඔහු සඳහන්කර ඇත්තේ, මෙවර ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉරාන පාපන්දු කණ්ඩායම සිය රටට සාදරයෙන් පිළිගන්නා නමුත් ඔවුන් තරග කිරීම සුදුසු යැයි තමා විශ්වාස නොකරන බවය.”ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම ලෝක කුසලානයට සාදරයෙන් පිළිගන්නවා. නමුත් ඔවුන්ගේ ජීවිතය සහ ආරක්ෂාව සඳහා ඔවුන් එහි සිටීම සුදුසු යැයි මම විශ්වාස කරන්නේ නෑ” යනුවෙන් සිය Truth Social හි සටහනක් තබමින් පවසා ඇත.අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල සත්කාරකත්වය යටතේ මෙවර පාපන්දු ලෝක කුසලානය ජුනි මස 11 වනදා දින ආරම්භ වේ.එහිදී ඉරානය මූලික වටයේ තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතය.මේ අතර ඉරාන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය අහමඩ් ඩොන්යමාලි ඊයේ (12) පවසා සිටියේ, ඉරාන ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව ගැන සහතිකයක් නොමැති බැවින් සහභාගීවීමට කොන්දේසි නොමැතිව තරගාවලියට ක්‍රීඩා නොකරන බවයි.”මෙම දූෂිත රජය අපගේ නායකයා ඝාතනය කළා. කිසිදු තත්වයක් යටතේ ලෝක කුසලානයට සහභාගීවීමට අපෙන් කොන්දේසි නෑ” යනුවෙන් ඔහු පවසා තිබුණි.කෙසේ නමුත් ට්‍රම්ප්ගේ සමීප මිතුරෙකු වන ෆිෆා සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ පවසා තිබුණේ, තමන් ඉරාන කණ්ඩායම ගැන ජනපති ට්‍රම්ප් සමගින් සාකච්ඡා කළ බවයි. එහිදී ඔහු තරගාවලියට සහභාගීවීම සඳහා ඉරානය සාදරයෙන් පිළිගන්නා බව පැවසූ බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය...

පෞද්ගලික අංශයටත් දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට

පෞද්ගලික අංශයටත් seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට ...!! දුම්රිය ප්‍රවාහන පහසුකම් ලබාගන්නා මෙරට පෞද්ගලික...

ඩෙංගු හැදුනමත් කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න ඕනද? නාමල් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

ජනාධිපතිතුමා හිතන් ඇති පොළට ගියාම පොළේ තියෙන බඩු වල මිළ ඇහුවාම උණ හැදෙනවා කියලා. ඇත්ත,බඩු මිළ වැඩියි. පොළවල් වලට ගියාම ඒ මිළ ගණන් ඇහුවාම...

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img