Monday, September 7, 2026
HomeNEWSකරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ



ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කරන්දෙණියේ රාජු’ නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

අද (18) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා සිටි අතර, එහිදී පවසා සිටියේ එම සැකකරුට විරුද්ධව මෙරට අධිකරණවල වරෙන්තු 15ක් නිකුත්කර ඇති බවය.

එමෙන්ම ඔහුට විරුද්ධව විදේශ ගමන් තහනම් 26ක් නිකුත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

තවද මෙම සැකකරු මීටියාගොඩ, කරන්දෙණිය, බලපිටිය සහ දකුණු පළාතේ සිදුවූ මනුෂ්‍ය ඝාතන, බරපතළ තුවාල කිරීම් සහ මංකොල්ලකෑම් මෙන්ම අවි ජාවාරම වැනි විවිධ අපරාධ රැසකට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවද සඳහන් වෙයි.

දිවයිනට රැගෙන ආ මෙම සැකකරු සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, 2025 සහ 2026 වසර දෙක තුළ පමණක් ටී 56 ගිනිඅවි 81ක්, පිත්තෝල අවි 107ක් සහ රිවෝල්වර් 76ක් සිය භාරයට ගැනීමට හැකිවූ බවය.

එමෙන්ම 2024/2025/2026 වර්ෂවල රතු නිවේදන නිකුත්කළ වරෙන්තුකරුවන් 32ක් ගෙන්වා ගැනීමට හැකිවූ බවත්, රතු නිවේදන නොමැතිව වෙනත් අපරධවලට සම්බන්ධ තවත් 15ක් ජාත්‍යන්තර සහයෝගයෙන් ශ්‍රී ලංකවට ගෙන්වා ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

තවද ශ්‍රී ලංකාවට අවශ්‍යකරන සැකකරුවන් 8ක් මේ වනවිට විදෙස් අත්අඩංගුවේ පසුවන බවත්, ඔවුන් කඩිනමින් රැගෙන එන්න සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවද පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලිම් මත තවත් රතු නිවේදන 94ක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැහැදිලි කළේය.

ඔක්තෝබර් 30වනදා රටම එකට ජාතික මෙහෙයුම් ආරම්භ කළ දා සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන් තිස්ලක්ෂ 11,000ක් විවිධ වූ සෝදිසිකිරීම් සඳහා ලක්කර ඇති බවත්, ඉන් විවිධ වූ අපරාධයන්ට අවශ්‍ය සැකකරුවන් 1873ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් පැවසීය.

2026 වසරේදී පමණක් දින සහ විවෘත වරෙන්තුකරුවන් 44,587ක් පොලිස් භාරයටගැනීමට හැකිවූ බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර බීමත් රියදුරන් 31,796කට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබෙන බවත් පැවසීය.

එමෙන්ම ඔක්තෝබර් 30වැනිදා සිට මේ දක්වා හෙරොයින් කිලෝ 1,579ක් සහ ග්‍රෑම් 616ක්, අයිස් කිලෝ 1,975 සහ ග්‍රෑම් 970ක්,
ගංජා කිලෝ 5,115ක් සහ ග්‍රෑම් 716ක් පොලිස් භාරයට ගැනීමට හැකිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img