වනාතවිල්ලුව ප්රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට
වනාතවිල්ලුව ප්රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට හිමි විය.
ඒ අනුව සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයට ඡන්ද 10ක් ද ජාතික ජන බලවේගයට ඡන්ද 8ක්ද හිමි වූ අතර උප සභාපතිවරයා තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයට ඡන්ද 11ක් සහ ජාතික ජන බලවේගයට ඡන්ද 6ක් හිමි විය.
ඒ අනුව සමගි ජන බලවේගයේ අපේක්ෂක වර්ණකුලසූරිය වින්සන් ෆැන්සිස් මහතා වනාතවිල්ලුව ප්රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස දිවුරුම් දෙන ලදී.






















