Saturday, September 5, 2026
HomeNEWSඅල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් එම කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවෙලගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

2026 මැයි 26 වැනි දිනැතිව යොමු කර ඇති මෙම ලිපිය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ, අධ්‍යක්ෂ ජනරාල්වරයා කොමිෂන් සභාවේ නියෝග හා විධානයන්ට අනුකූලව කටයුතු කළ යුතු අතර, ඔහුගේ විනය බලධාරියා වන්නේ ද කොමිෂන් සභාවම බවයි.

අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව විශාල ගැටලුවක් පැන නැගී ඇති බවත්, ඔහු අත්තනෝමතික ලෙස පක්ෂග්‍රාහීව සිය රාජකාරී කටයුතු ඉටු කරන බවට පැමිණිලි රාශීයක් සමාජගත වී ඇති බවත්, ඔවුන් එම ලිපියෙහි සඳහන් කර තිබෙනවා.

එබැවින් ඔහුට එරෙහිව පියවර ගැනීමට කොමිෂන් සභාවට පූර්ණ බලතල ඇති බව එම සංවිධානය අවධාරණය කරනවා.

දූෂණ විරෝධී පනතේ 19 (2) (අ) හා (ඉ) වගන්ති අනුව කොමසාරිස් ජනරාල්වරයා යම් බරපතල විෂමාචාරයක් හෝ පනතේ ඔහු වෙත පැවරී ඇති බැඳීම ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් තවදුරටත් අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කළ නොහැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

එසේම දැනට අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් කර ඇතැයි කියනු ලබන බලවත් විෂමාචාරයක් පිළිබඳව මියගිය කපිල චන්ද්‍රසේන විසින් කරන ලද අනාවරණයක් පිළිබඳව තොරතුරු ඔවුන් වෙත ලැබී ඇති බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරනවා.

කපිල චන්ද්‍රසේන විසින් ඔහු ජීවත්ව සිටියදී අධිකරණය වෙත ලබාදෙන ලද දිවුරුම් ප්‍රකාශය අනුව, ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවකදී, අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් තර්ජනාත්මක ස්වරූපයෙන් ඔහු අමතා ඇති බව එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නම් මෙම සිදුවීමට අදාල බව ප්‍රකාශ කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා බලපෑම් කර ඇති බවයි එමගින් චෝදනා කර ඇත්තේ.

තවද, මීට පෙර කෙහෙළියගේ නඩුවට පැමිණි අයෙකුට තමන් චාන්ස් දෙකක් දුන් බවත්, එය නොගත් බැවින් ඔහු නඩු පැවරීමට පෙර දින එල්ලී මැරුණු බවත් පවසමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ට තර්ජන එල්ල කළ බව කපිල චන්ද්‍රසේන සිය දිවුරුම් ප්‍රකාශයෙන් සඳහන් කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එසේම එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරුණු සත්‍ය නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පිළිබඳව බරපතල සැකයක් හා අවිශ්වාසයක් ජනතාව තුළ ඇතිවන බව පැහැදිලි වන අතර, රංග දිශානායකගේ ක්‍රියා කලාපය බලවත් විෂමාචාරයක් වන බව ද පැහැදිලි බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

මෙම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරුණු වල සත්‍ය අසත්‍යතාවය ඔවුන් නොදන්නා බවත්, එහෙයින් මේ පිළිබඳව විමර්ශනයක් පවත්වා එහි සඳහන් කරුණු වල සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගනිමින් අවශ්‍ය කටයුතු ඒ අනුව ඉටු කිරීම කොමිෂන් සභාව සතු පරම යුතුකමක් හා වගකීමක් ලෙස පෙන්වා දෙන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img