Monday, November 23, 2026
HomeNEWSකටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි.

​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු මෙන්ම ‘පිය එමීර්වරයා’ (Father Amir) ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි (Sheikh Hamad bin Khalifa Al Thani) තුමාණන්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද දින (ජූලි 15) කටාර් තානාපති කාර්යාලයේ ශෝක ප්‍රකාශන පොතෙහි අත්සන් තැබීය.

​ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එහිදී විශේෂ ශෝක ප්‍රකාශ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අභාවප්‍රාප්ත පිය එමීර්වරයා කටාර් රාජ්‍යය නවීන දියුණුවේ ප්‍රදීපාස්තම්භයක් බවට පත්කළ දූරදර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ බවයි. එතුමාගේ පාලන සමය තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමටත්, අද වන විට දෙරටම භුක්ති විඳින ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ ජනතාව අතර සබඳතා සඳහා ස්ථාවර පදනමක් දැමීමටත් ඉටුකළ සුවිශේෂී මෙහෙවර ශ්‍රී ලංකාව ඉමහත් කෘතඥතාවයෙන් යුතුව සිහිපත් කරන බවද අමාත්‍යවරයා එහි සටහන් කර තිබේ.

​මෙම ජාතික ශෝකී අවස්ථාවේදී, කටාර් රාජ්‍යයේ වත්මන් එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි උතුමාණන්, එරට රාජකීය පවුලේ සාමාජිකයන් මෙන්ම කටාර්හි සහෝදර ජනතාව වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටි අමාත්‍යවරයා, අභාවප්‍රාප්ත පිය එමීර්වරයාගේ ආත්මයට සදාකාලික සාමය ප්‍රාර්ථනා කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව අවධාරණයෙන් ප්‍රකාශ කරනවා-ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට මොහොමඩ් ෆසල් නමැති පුද්ගලයෙකු සිදු කළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව නව ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි. එහි...

ජනපති සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමක්ද හුවමාරු කර ගැනේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත තායිලන්ත...

බටහිර රතු මුහුදු වෙරළ තීරයේ පිහිටි රබිග් තෙල් පිරිපහදුවට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්

සෞදියේ බටහිර රතු මුහුදු වෙරළ තීරයේ පිහිටි රබිග් තෙල් පිරිපහදුවට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්.

බහරේනයේ පිහිටි අමෙරිකානු ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධති වෙත ඉරානයෙන් ප්‍රහාර

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළ අහසේදී ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බවත්, බහරේනයේ පිහිටි අමෙරිකානු ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධති වෙත ප්‍රහාර එල්ල කළ බවත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img