Saturday, July 25, 2026
HomeNEWSමීගමුව සිදුවීම ගැන වැරදි තොරතුරු ලබාදී පාර්ලිමේන්තුව නොමඟ යවලා- දයාසිරි

මීගමුව සිදුවීම ගැන වැරදි තොරතුරු ලබාදී පාර්ලිමේන්තුව නොමඟ යවලා- දයාසිරි

මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා වැරදි තොරතුරු ලබාදී පාර්ලිමේන්තුව නොමඟ යවා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද(24) පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කළා. ඔහු මේ බව පැවසුවේ අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්ථාවේදී. මෙහිදී ජයසේකර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පස්වෙනිදා ඇති වූ සිද්ධිය පස්වෙනිදා සවස් කාලය වන විට සමනය කර ඇති බවට අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කළද එය එසේ නොවී ඇති බවයි. හයවෙනිදා එළිවෙනතුරු එම බන්ධනාගාරයේ පාලනය රැඳවියන් විසින් සිදුකර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිගමුව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී සඳහන් කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළා. හයවෙනිදා උදෑසන ආහාරය උදෑසන 6 වෙනකොට ලබාදීමට නියමිතව තිබුණද උදෑසන දහය පසුවනතුරුද එය ලබාදීමට අපොහොසත් වී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළා. බන්දේ පොලිස යන කණ්ඩායම මිගමුව බන්ධනාගාරයට යෙදවීමට කටයුතු කළේ කවුද ඒ සඳහා නියෝග දුන්නේ කවුද කියාත් පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් කළ යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළා. එම පිරිස එම රැඳවියන් පාලනය කිරීමට ගියේ කිසිදු ආරක්ෂක පියවරක් සහිතව ද යන්නද ගැටලුවක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළා. ඔවුන් සතුව කඳුළු ගෑස් හෝ රබර් උණ්ඩ හෝ හෙල්මට් තිබුණාද නැද්ද යන්න පිළිබඳවද බලවත් සැකයක් පවතිනවා මොකද එම නිසා ඔවුන් නිසි ආරක්ෂක උපදෙස් අනුව ඒ ගියේද කාගේ උපදෙස් අනුව ගියේද කියා ගැටලුවක් මතුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා. මීට අමතරව හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය අසාධාරණ ආකාරයට සේවයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ බවත් ඉන්පසුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු තවම පත්කර ගැනීමට කටයුතු කර නොමැති බවත් සඳහන් කළා. මීට අමතරව බන්ධනාගාර පරිපාලනය ගැටලු රැසක් පවතින බවත් ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබා නොදීමට ක්‍රියා කළ බවත් මෙම ගැටුම ඇතිවීමට ප්‍රධානම හේතුව නිසි නිසි කළමනාකාරීත්වයක් ආණ්ඩුවේ නොමැති වීම බවද මේ නිසා අධිකරණ ඇමතිවරයා මෙහි වගකීම බාරගත යුතු බවද ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි

විරෝධතාකරුවන් සමඟ 03 වන වටයේ සාක්ච්ඡාවලට පෙර, ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි: ඉන්දීය මාධ්‍ය.

මාලිමා මන්ත්‍රී අසිතට දිනන දකුණෙනුත් අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභියෝගය හැකිනම් භාරගෙන පෙන්වන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මහජනතාව නොමග යැවීම සඳහාශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාට...

විදෙස්ගත ශ්‍රමිකයන්ට ආයෝජන සඳහා මෙරට ඌණ උපයෝජිත ඉඩම්

විදෙස්ගත ශ්‍රමිකයන් නැවත පැමිණි පසු අනාගත අභිවෘද්ධිය උදෙසා වන ආයෝජන සඳහා මෙරට ඌණ උපයෝජිත ඉඩම් ලබා දීමට වැඩපිළිවෙළක් සකසන්න ශක්තිමත් වැවිලි ක්ෂේත්‍රයක් වෙනුවෙන් ආයතන ඒකාබද්ධ...

මාලිමා මන්ත්‍රී අසිතට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් අභියෝගයක්

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන් ඊයේ (24) සිදු කළ අසත්‍ය සහ පදනම් රහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා නිතීඥ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img