Tuesday, September 22, 2026
HomeNEWSමාලිමා මන්ත්‍රී අසිතට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් අභියෝගයක්

මාලිමා මන්ත්‍රී අසිතට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් අභියෝගයක්

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා නීතිඥ සංගමයේ සභාපතිවරයා සම්බන්ධයෙන් ඊයේ (24) සිදු කළ අසත්‍ය සහ පදනම් රහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා නිතීඥ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කළේ, මෙය පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ජනතාව නොමග යැවීමට සිදු කරන උත්සහයක් බවය.

මෙම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂ සහගත චේතනාවෙන් කරන ලද ඒවා බව නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.

තමන් වෙත එල්ල කරනු ලබන දේශපාලන ප්‍රහාර සාර්ථක නොවනු ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.

ලංකාවේ නීති ප්‍රජාව එකමුතුව සිටින අතර එහි ස්වාධීනත්වයට සහ අඛණ්ඩතාවයට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව ද ඔවුහු පෙන්වා දෙති.

වරප්‍රසාදවලට මුවාවී සිදු කරනු ලබන මෙම අසත්‍ය ප්‍රකාශය හැකි නම් පාර්ලිමේන්තුවෙන් පිටත නැවත ප්‍රකාශ කරන ලෙසට නීතිඥ සංගමය, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාට අභියෝගයක් ද එල්ල කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img