Monday, September 21, 2026
HomeNEWSචමින්ද විජේසිරි රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නොබියව හඬක් නැගුවා-විපක්ෂ නායක සජිත්

චමින්ද විජේසිරි රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නොබියව හඬක් නැගුවා-විපක්ෂ නායක සජිත්

චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඩු තීන්දුවෙන් පසුව පැවසීය.
එම නඩු තීන්දුවෙන් පසු බදුල්ල මහාධිකරණයෙන් පිටතට පැමිණි පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

මං නඩු තීන්දුව ගැන මෙහිදී කතා කරන්නේ නැහැ. අපට ලොකු විශ්වාසයක් තිබෙනවා අපේ රටේ අධිකරණය ගැන. ඒ වගේම විශාල ගෞරවයක් තිබෙනවා.

අපි ඉදිරියේදී චමින්ද විජේසිරි මහතා වෙනුවෙන් අභියාචනාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කරලා ඊට අදාළව කටයුතු කරනවා.

අප බලාපොරොත්තු වෙනවා චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට සාධාරණයක් ඉටු වෙයි කියලා කියලා. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා බදුල්ල දිස්ත්‍රික්කයට පමණක් නොවෙයි, සමගි ජන බලවේගයට පමණක් නොවේ, මුළු රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී හඬක් නැගුවා. ජනතාවගේ පොදු ප්‍රශ්න ගැන නොබියව පාර්ලිමේන්තුවේදීත් කතා කළා.
චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අපිට අහිමි වෙන්න කටයුතු කරන්නේ නෑ. රටේ අධිකරණය ගැන අපට ලොකු ගරුත්වයක් මෙන්ම විශ්වාසයක් තිබෙනවා. ඒ නිසාා ඉදිරියේදී අභියාචනාධිකරණය මගින් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අදාළ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img