Sunday, November 1, 2026
HomeNEWS22 ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන්නැයි සජිත් කළ ඉල්ලීමට නීතිඥ සංගමයෙන් පිළිතුරු

22 ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන්නැයි සජිත් කළ ඉල්ලීමට නීතිඥ සංගමයෙන් පිළිතුරු

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම සඳහා අද දිනයේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට සිදුකළ ආරාධනය සම්බන්ධයෙන් එම සංගමය විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

අදාළ ලිපිය මඟින් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ, පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි අවස්ථාවක් උදාවෙන තුරු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කල්දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුම්වත් කිරීම ඉතා කාලෝචිත යෝජනාවක් බව ද එම ලිපියේ සඳහන්ව ඇත.

එය ජාතික වැදගත්කමක් ඇති බැවින් මේ පිළිබඳ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකඟතාවයක් ඇති කරගනු ඇතැයි තම සංගමය බලාපොරොත්තු වන බවද නීතිඥ සංගමය අදාළ ලිපිය මඟින් දැනුම්දී ඇත.

එවැනි අවස්ථාවක් ලබාදීම තුළින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු සහ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවතින ගැටලු වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි තම විශ්වාස බවද සඳහන් කර තිබේ.‍

කෙසේ වෙතත්, අද දින පාර්ලිමේන්තුවේ පැවති කටයුතු සහ රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ස්ථාවරය සැලකිල්ලට ගැනීමේදී, මේ සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක් නොමැති බවත්, තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම අවස්ථාව ලබා දීමට රජයට දැනට කිසිදු උනන්දුවක් නොමැති බවත් පෙනී යනු ඇතැයි ද අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂය දැනටමත් සිය දැඩි විරෝධය පළ කර තිබුණද, මෙම කරුණු පැහැදිලි කිරීමේ සැසිය ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳව තම ස්ථාවරය අපක්ෂපාතීව සලකා බැලීමට ඉතා ප්‍රයෝජනවත් වන්නට ඉඩ තිබුණු බව තම විශ්වාසය වන බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය විපක්ෂ නායකවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හෙද නිලධාරීන් 2,819කට පත්වීම්..ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට තවත් 13,000ක්

හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට 13,000ක් බඳවා ගන්නවා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img