Friday, August 21, 2026
HomeNEWSමරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින්...

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය‍, නව මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරවල කටයුතු නිරීක්ෂණය කරමින් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන් සමග ඊයේ (20) පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බව ඔහු එහිදී පැවසුවා.

එසේම මාස දහයක් තුළ සිදු කරන ලද අධ්‍යනයකින් පසුව එම කමිටු වාර්තාව භාර දී ඇති බවයි අමාතයවරයා සඳහන් කළේ.

ජනාධිපති සමාව ලබාදීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම, මරණ දඬුවම විඳින සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දක්වා අඩු කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින රැඳවියන්ගේ දඬුවම් කාලය වසර 20ක් දක්වා අඩු කිරීමට සහ රැඳවියන්ට නිවාස නිවාඩු යාම යන කරුණු සම්බන්ධයෙන් නිර්දේශ එම කමිටුව විසින් ලබා දී ඇති බවයි ඔහු පැවසුවේ.

මේ තුළින් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට නිදහස්ව යාමේ විධිමත් පොදු සමා ක්‍රමවේදයක් සකස් කිරීමට අදාළව කරුණු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...

සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය...

මීගමුව බන්ධානාගාර ගැටුමින් මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත වන්දි මුදල් පිරිනැමේ

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීම අද (21) බන්ධනාගාර මූලස්ථානයේදී සිදු කෙරුණි. එහිදී ජීවිතක්ෂයට පත් වූ එක්...

ප්‍රවීණ නිළියගේ සැමියා නිදි ඇ⁣ඳේම මියයයි.

හිටපු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරියක් මෙන්ම ප්‍රවීණ සිනමා නිළියක වන ගීතා කුමාරසිංහ මහත්මියගේ ස්විට්සර්ලන්ත ජාතික සැමියා වන ක්‍රිස් ෆර්ඩිනන්ඩ් මහතා අභාවප්‍රාප්ත වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img