Sunday, November 15, 2026
HomeNEWSඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත ළඟා වී තිබේ.

ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති සේවය වන ‘IRNA’ වාර්තා කරන පරිදි, ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නිත්‍ය නියෝජිත සහ භාරකාර නිලධාරී විසින් පිළිගෙන ඇත.

නිව්යෝර්ක් බලා පැමිණෙන අතරතුර දෝහා අගනුවරද ගොස් ඇති විදේශ අමාත්‍යවරයා, එහිදී කටාර් රාජ්‍යයේ උසස් නිලධාරීන් හමුවී කලාපයේ පවතින වත්මන් තත්ත්වයන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක ද නිරත වී තිබේ.

මේ අතර මෙම මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් මහතා ද අද (22) නිව්යෝර්ක් නුවර වෙත පැමිණීමට නියමිතව ඇත.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලෝක නායකයින් සහ විදේශීය උසස් නිලධාරීන් රැසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

උද්ධමනය ඉතා ඉහළයි.. ජීවත්වීම සඳහා 100%ක වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍යයි- පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය

2027 වසරට අදාළ අයවැය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ප්‍රකාශ කරන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද ( 2026 නොවැම්බර් 15 ) දින පෙරවරු 11.00ට නුගේගොඩදී...

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img