Sunday, November 15, 2026
HomeNEWS'සුභග', 'තාක්ෂණවේදය' සහ ' සුජාත දියණි' ශිෂ්‍යත්ව මුදල් වැඩි කිරීමට රජයේ අවධානය

‘සුභග’, ‘තාක්ෂණවේදය’ සහ ‘ සුජාත දියණි’ ශිෂ්‍යත්ව මුදල් වැඩි කිරීමට රජයේ අවධානය

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ‘සුභග’, ‘තාක්ෂණවේදය’ සහ ‘සුජාත දියණි’ ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ ගෙවනු ලබන මුදල් සහ ශිෂ්‍යාධාර ලබන සිසුන් ප්‍රමාණය වැඩිකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා කාලීනව සිදුකළ යුතු වෙනස්කම් හා අදාළ දීමනාව ලබන සිසු සිසුවියන් වැඩි කිරීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

ඒ අනුව ලබන වසරේ සිට මාසිකව ගෙවනු ලබන රුපියල් 750 දීමනාව රුපියල් 1,500ක් දක්වාත්, ශිෂ්‍යාධාර ලබන සිසුන් ප්‍රමාණය  950 සිට  1,000 දක්වාත් වැඩි කිරීමටත් ඇති හැකියාව පිළිබඳ මෙන්ම සියලු ගෙවීම් ජනාධිපති අරමුදල මඟින් සිදු කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරන ලදී.

එමෙන්ම සිසු සිසුවියන් වෙනුවෙන් ගෙවීමට නියමිත හිඟ ශිෂ්‍යාධාර කඩිනමින් ගෙවා නිම කිරීමටත් මෙහිදී තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එකම වේදිකාවට ගෙන ඒමට දිලිත් ජයවීර GLEC අරඹයි

ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන එන Global Lankan Entrepreneur Club හෙවත් GLEC ඩිජිටල් වේදිකාව එළිදැක්වීම අද...

උද්ධමනය ඉතා ඉහළයි.. ජීවත්වීම සඳහා 100%ක වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍යයි- පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය

2027 වසරට අදාළ අයවැය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ප්‍රකාශ කරන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද ( 2026 නොවැම්බර් 15 ) දින පෙරවරු 11.00ට නුගේගොඩදී...

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img