Wednesday, September 23, 2026
HomeNEWSඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

ඇසුරුම් නොකළ පොල් තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර

දේශීය වෙළෙඳපොළේ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ අනුකාරක සභාව හමුවේ කරුණු දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාසේන මහත්මිය මේ බව සඳහන් කළාය.

වෙළෙඳපොළේ පවතින පොල්තෙල්වලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බව ඇය පැවසුවාය.

ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් දැනටමත් සකස් කර ඇති අතර, එය ඉදිරියේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද සමන්තා කරුණාසේන මහත්මිය සඳහන් කළාය.

යෝජිත නව අවශ්‍යතා යටතේ ඇසුරුම් කර අලෙවි කරන පොල්තෙල්වල නිෂ්පාදනයේ නම, බර, කල් ඉකුත්වීමේ දිනය, කාණ්ඩ අංකය සහ නිෂ්පාදකයාගේ තොරතුරු ඇතුළු අත්‍යවශ්‍ය ලේබල් තොරතුරු සඳහන් කළ යුතු වේ.

එමෙන්ම, දේශීය වෙළෙඳපොළේ අලෙවි වන පොල්තෙල්වල අවශ්‍ය ගුණාත්මක ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ එක්ව කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...

උද්ධමන ඉලක්කය 5%ක පවත්වාගෙන යන්න IMF රජයට කියයි

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය...

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...

ඉදිරියේදී ඉන්ධන සහනාධාරයක්ද? මිල සංශෝධනයක්ද?

ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනාධාරයක් ලබාදීම හෝ මිල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී....
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img