Friday, September 25, 2026
HomeNEWSඅනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමේ මෙහෙයුම මාලදිවයිනෙන් අරඹයි

අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමේ මෙහෙයුම මාලදිවයිනෙන් අරඹයි

අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගෙන් පූර්ණ සහාය!

සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුම ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම විසින් (23) දින නිල වශයෙන් ආරම්භ කර තිබේ.
 
ජනාධිපතිවරයාගේ සහ විදේශ අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත සිදුවන මෙම තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික ගමන සඳහා ඔවුන් දෙදෙනාම රජයේ මුදල් වෙනුවට තම පෞද්ගලික ධනය වැය කිරීම විශේෂත්වයකි.
 
 
අනෝජන්ගේ ජීවිතය ඉල්ලා විශේෂ රාජ්‍ය තාන්ත්‍රික දූතයන් ලෙස මොවුන් දෙදෙනා කඩිනමින් සවුදි අරාබියට යැවීමට රජය (22) දින තීරණය කළ අතර, ඒ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් ප්‍රකාශ කළේය.
 
මෙම මෙහෙයුමේ මූලික පියවර ලෙස ෆයිසර් මුස්තාපා සහ උපුල් කුමරප්පෙරුම යන නීතීඥයින් දෙපළ මාලදිවයිනේදී, ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු මෙන්ම මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු වන මොහොමඩ් නෂීඩ් හමුවී අදාළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
 
මොහොමඩ් නෂීඩ් යනු මාලදිවයිනේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයාය. එමෙන්ම ඔහු ප්‍රකට දේශපාලඥයෙකු සහ ක්‍රියාකාරිකයෙකු ලෙසද ජාත්‍යන්තරයේ ගෞරවයට පාත්‍ර වූ නායකයෙකි.
 
මෙම තීරණාත්මක සාකච්ඡාවේදී අදහස් දක්වා ඇති මොහොමඩ් නෂීඩ් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, අනෝජන්ගේ ප්‍රකාශය මුස්ලිම් සමාජයට බරපතල ප්‍රකාශයක් වුවද, අසරණ තරුණයෙකුගේ ජීවිතය වෙනුවෙන් තමන් ඔහු පිළිබඳව මානුෂීයව පෙනී සිටින බවයි. එමෙන්ම ඔහුගේ ජීවිතය ගලවාගැනීම සඳහා තමාගෙන් දිය හැකි පූර්ණ සහාය ලබාදෙන බවටද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සහතික වී තිබේ.
 
මාලදිවයිනේදී පැවති මෙම හමුව ඉතා සාර්ථක වූ බවත්, ඉදිරි දිනවලදී සවුදි අරාබිය බලා පිටත්ව යාමට තමන් සූදානමින් සිටින බවත් ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම තහවුරු කළේය.

அனோஜனின் உயிருக்காக மாலைத்தீவின் முன்னாள் ஜனாதிபதி முகமது நஷீட்டிடம் இருந்து பூரண ஆதரவு!

சமூக ஊடகப் பதிவு ஒன்றைக் மையமாகக் கொண்டு சவூதி அரேபியாவில் மரண தண்டனை விதிக்கப்பட்டுள்ள அனோஜன் சிவராசாவின் உயிரைப் பாதுகாக்கும் நடவடிக்கை, ஜனாதிபதி சட்டத்தரணி பைசர் முஸ்தபா மற்றும் ஜனாதிபதி சட்டத்தரணி உபுல் குமரப்பெரும ஆகியோரால் இன்று (23) உத்தியோகபூர்வமாக ஆரம்பிக்கப்பட்டுள்ளது.

ஜனாதிபதி மற்றும் வெளிவிவகார அமைச்சரின் நேரடித் தலையீட்டின் கீழ் மேற்கொள்ளப்படும் இந்தத் தீர்மானமிக்க இராஜதந்திரப் பயணத்திற்காக, இவ்விருவரும் அரசாங்கப் பணத்தைப் பயன்படுத்தாமல் தங்களது சொந்த நிதியைச் செலவிடுகின்றமை குறிப்பிடத்தக்க அம்சமாகும்.
அனோஜனின் உயிரைக் காப்பாற்றக் கோரும் சிறப்பு இராஜதந்திரத் தூதுவர்களாக இவ்விருவரையும் உடனடியாக சவூதி அரேபியாவுக்கு அனுப்ப அரசாங்கம் நேற்று (22) தீர்மானித்ததுடன், அது தொடர்பான உத்தியோகபூர்வ அறிவிப்பை வெளிவிவகார அமைச்சர் விஜித ஹேரத் நேற்று நாடாளுமன்றத்தில் வெளியிட்டார்.

இந்த நடவடிக்கையின் முதற்கட்டமாக, சட்டத்தரணிகளான பைசர் முஸ்தபா மற்றும் உபுல் குமரப்பெரும ஆகியோர் இன்று நண்பகல் மாலைத்தீவில் வைத்து, இலங்கையின் நீண்டகால நண்பரும் மாலைத்தீவின் முன்னாள் ஜனாதிபதியுமான முகமது நஷீட்டைச் சந்தித்து இது தொடர்பான கோரிக்கை குறித்துக் கலந்துரையாடியுள்ளனர்.

முகமது நஷீத் மாலைத்தீவின் முதலாவது ஜனநாயக முறையில் தேர்ந்தெடுக்கப்பட்ட ஜனாதிபதியாவார். மேலும், அவர் ஒரு பிரபல அரசியல்வாதியாகவும் சமூகச் செயல்பாட்டாளராகவும் சர்வதேச அளவில் மதிக்கப்படும் ஒரு தலைவராவார்.

இந்த முக்கிய சந்திப்பின் போது கருத்துத் தெரிவித்த முன்னாள் ஜனாதிபதி முகமது நஷீத், அனோஜனின் பதிவு இஸ்லாமிய சமூகத்திற்குப் பாரதூரமான ஒன்றாக இருந்தாலும், ஓர் ஆதரவற்ற இளைஞனின் உயிரைக் கருத்திற்கொண்டு தாம் மனிதநேய அடிப்படையில் அவருக்காகத் தோன்றுவதாகத் தெரிவித்தார். அத்துடன், அவரது உயிரைக் காப்பாற்றுவதற்காகத் தன்னால் இயன்ற முழுமையான ஆதரவையும் வழங்குவதாக முன்னாள் ஜனாதிபதி இதன்போது உறுதியளித்துள்ளார்.

இன்று மாலைத்தீவில் நடைபெற்ற இந்தச் சந்திப்பு மிகவும் வெற்றிகரமாக அமைந்ததாகவும், எதிர்வரும் நாட்களில் சவூதி அரேபியா நோக்கிப் பயணிக்கத் தாம் தயாராக இருப்பதாகவும் ஜனாதிபதி சட்டத்தரணி உபுல் குமரப்பெரும உறுதிப்படுத்தியுள்ளார்.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට ඇමති විජිත ඇමෙරිකාවට

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට...

22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

අද සම්මත කරන 22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය...

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා-අගමැතිනිය

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය...

22ක දැන්වත් අකුලා ගන්නා ලෙසටයි ජනතාව ඉල්ලා සිටින්නේ- සජබ මහ ලේකම්

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පැවැත්වුණි. බත්තරමුල්ල, පොල්දූව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img