Friday, September 25, 2026
HomeNEWSඡන්දයක් තිබුණොත් සජබය හා එජාපය එක්ව තරඟ කරනවා- මරික්කාර්

ඡන්දයක් තිබුණොත් සජබය හා එජාපය එක්ව තරඟ කරනවා- මරික්කාර්

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව පෙරළීමට ශක්තිය තිබෙන්නේ සමගි ජනබලවේගයට සහ සමගි ජන සන්ධානයට බව අද සනාථ කර පෙන්වන්න පොල්දූව මංසන්ධියට පැමිණි රටේ ජනතාවට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම වර්තමාන වමාංශික ආණ්ඩුව පන්නා දැමීමට හැකියාව තිබෙන්නේ දක්ශිණාංශික කඳවුරට පමණයි. ඒ වගේම ආණ්ඩුව සමඟ සමගි ජනබලවේගය ගැටෙන්නේ මතවාදිමය වශයෙන් , ප්‍රතිපත්තිමය වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන්. පැරණි දේශපාලන සංස්කෘතියෙන් වර්තමාන ආණ්ඩුව පන්නා දැමීමට නොහැකි බව සමගි ජනබලවේගය තේරුම් ගෙන තිබෙනවා.

කෙසේ නමුත් ජනතාව ඒකරාශි කර ගැනීමේ ශක්තිය තිබෙන්නේ සමගි ජනබලවේගයට සහ සමගි ජනසන්ධානයට පමණයි. ජනතාව ඒකරාශි කර ගැනීමට නොහැකි පිරිස් සමගි ජනබලවේග වේදිකාවට පැමිණි මුහුණ පෙන්වීම සිදුනොකළ යුතුයි. ඔවුන්ට හැකි ප්‍රමාණයට ජනතාව ඒකරාශි කරලා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව සම්මන්ත්‍රණයක් හෝ පැවැත්වීම මේ අවස්ථාවේදී වැදගත් වෙනවා. ඒ සඳහා සමගි ජනබලවේගය විරුද්ධ වන්නේ නැහැ. ඒ වගේම මාධ්‍ය ගණිකාවන් යොදාගෙන සමගි ජනබලවේගයට මඩ ප්‍රහාර එල්ල කළාට සමගි ජනබලවේගය හෝ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කඩා වට්ටන්න කිසිකෙනෙකුට හැකියාවක් නැහැ.

ඒ වගේම සමගි ජනබලවේගයේ කණ්ඩායම සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මහජනතාව සමඟයි දේශපාලනය කරන්නේ. සජිත් ප්‍රේමදාස මහතා ජනතාව මුණගැහෙන්න දිනකට විශාල කිලෝමිටර් ගණනාවක් ගමන් කරනවා. සමගි ජනබලවේගය මහන්සිවෙලයි දේශපාලනය කරන්නේ. රට විනාශ කරන වර්තමාන ආණ්ඩුව පන්නා දමන්න හැකි සියලුම දේ සමගි ජනබලවේගය සිදුකරනවා. ඒ වගේම සමගි ජනබලවේගය 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වන්නේ එය ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ නිසයි. නීතියෙන් පැන යාමට උත්සහ කරන පිරිසකුත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය දක්වනවා. ඒ සඳහා සමගි ජනබලවේගය උදව් කිරීමට නොහැකියි.

කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට යාම , ඒකාධිපතිවාදය තහවුරු කිරීමට යාම සහ රට දැඩි ආර්ථික අගාධයකට ඇද දමනවාට විරුද්ධවයි සමගි ජනබලවේගය සටන් කරනු ලබන්නේ. ඒ වගේම ආණ්ඩුව පොරොන්දු වුණ පරිදි ආහාර වලට , සෞඛ්‍යට අය කර තිබු වැට් බදු ඉවත් නොකිරීමට විරුද්ධව , පොරොන්දු වුණ පරිදි ඉන්ධන මිල අඩු නොකිරීම , පොරොන්දු වුණ පරිදි ආර්ථිකය ශක්තිමත් නොකිරීම , පොරොන්දු වුණ පරිදි තරුණයන්ට අනාගතයක් නිර්මාණය නොකිරීම ,යන කාරණාවලටයි සමගි ජනබලවේගය විරුද්ධ. වංචාකරුවන් , දුෂිතයන් නීතියේ රැහනට කොටු කරගන්නවාට සමගි ජනබලවේගය විරුද්ධ වෙන්නේ නැහැ.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එකතු වෙලා අවසානයි. අනුර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණයක් පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එක්ව තරඟ කරනු ලබනවා.
ඒ වගේම ඉදිරි වැඩකටයුතු වලට එක්සත් ජාතික පක්ෂයට එකතු වන ලෙස හදවතින්ම සමගි ජනබලවේගය ආරාධනා කරනවා. කෙසේ නමුත් ආණ්ඩුව පන්නා දමන්න ශක්තිය තිබෙන්නේ සමගි ජනබලවේගයට පමණක් බව උප්පු කර පෙන්වන්න සමගි ජනබලවේගය හැකියාව ලැබුණා. සමගි ජනබලවේගයේ අරමුණ වර්තමාන ආණ්ඩුව පන්නා දැමීමයි.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ බලය ලබා ගත්තේ මතවාදීව ප්‍රතිපත්තිමය අරගලයක් සිදුකරලා. වර්තමාන සමාජය ඉල්ලන්නේ මතවාදි අරගලයක් බව ජනතා විමුක්ති පෙරමුණ උප්පු කර තිබෙනවා. සමගි ජනබලවේගයත් අලුත් මාවතක් මතවාදි ප්‍රතිපත්තිමය ගමනක් යන්න සුදානම්. ආණ්ඩුව පෙරලන්න නම් ඉරි තැලිම් නිර්මාණය කළ යුතුයි. එම ඉරිතැලිම් වර්ධනය කළ යුතුයි. එය සමගි ජනබලවේගය අද සිදුකළා.‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටන් නගරයට

ඇමරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටන් නගරයට චීන ජනපති ඇමරිකාවට ළඟා වුණා.චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ වේලාවෙන් 23 වනදා පස්වරුවේ...

අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමේ මෙහෙයුම මාලදිවයිනෙන් අරඹයි

අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගෙන් පූර්ණ සහාය! සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් සිවරාසාගේ ජීවිතය...

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට ඇමති විජිත ඇමෙරිකාවට

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට...

22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

අද සම්මත කරන 22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img