Monday, November 16, 2026
HomeNEWSඇමරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටන් නගරයට

ඇමරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටන් නගරයට

ඇමරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටන් නගරයට

චීන ජනපති ඇමරිකාවට ළඟා වුණා.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ වේලාවෙන් 23 වනදා පස්වරුවේ වොෂින්ටන් නගරයේ තදාසන්නව පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණ තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනයකට අනුව, ජනාධිපති ෂී ජින්පිං මහතා මෙම රාජ්‍ය සංචාරයට එක්ව සිටිනවා.
එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ආර්යාව වන මෙලනියා, ෂී ජින්පිං මහතා සහ පෙං ලීයුවාන් ආර්යාව පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටීම විශේෂත්වයක්.

ෂී ජින්පිං ජනාධිපතිවරයා හා පෙං ලීයුවාන් ආර්යාව වොෂින්ටන්හිදී පිළිගැනීමට ලැබීම සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන බව ට්‍රම්ප් මහතා එහිදී සඳහන් කර තිබෙනවා. ෂී ජින්පිං මහතාගේ මෙම ඇමරිකානු සංචාරය සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙන අවස්ථාවක්. ෂී ජින්පිං මහතා විශිෂ්ට රාජ්‍ය නායකයෙකු බවත් ඔහු සමග එක්ව පුළුල් අදහස් හුවමාරු කරගැනීමට අපේක්ෂා කරන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇතැයි වාර්තා වනවා. එමගින් දෙරට අතර සබඳතා තහවුරු කරගැනීමට කැමැත්තෙන් පසු වන බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
එම අවස්ථාවේදී ෂී ජින්පිං මහතා ලිඛිත ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ, චීනය හා ඇමරිකාව යන දෙරටත්, දෙරටේ ජනතාවත් විශිෂ්ට බවයි. දෙරටම හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් බවට පත් නොවිය යුතු බව ද හෙතෙම සඳහන් කර තිබෙනවා. චීන ජාතියේ දැවැන්ත පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම යනු ඇමරිකාවේ විශිෂ්ටත්වය යළි හිමි කර ගැනීමේ අරමුණට පටහැනි වීමක් නොවන බව චීන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ට්‍රම්ප් මහතා පසුගිය මැයි මාසයේ චීනයේ නිල සංචාරයට එක් වූ අවස්ථාවේදී, “සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවරත්ව සම්බන්ධතාවය” ගොඩනැගීමට තමා හා එකඟ වී ඇති බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළා. එමගින් දෙරටේ අනාගත සබඳතාව සඳහා උපායමාර්ගික මාර්ගෝපදේශයක් ලබා දී තිබෙනවා. දෙරට එක්ව කටයුතු කළ යුතුයි. ඒ අනුව, දෙරට අතර තරගකාරීත්වයක් තිබුණ ද, සහයෝගීතාවය මූලික කරගනිමින් එය නිසි අයුරින් හැසිරවිය යුතුයි. මතභේද අවස්ථාවලදී නිසි පාලනයක් යටතේ, සාමකාමී බවින් යුත් ස්ථාවරත්වයක් ඉදිරියට පවත්වා ගෙන යා යුතු බවත් නව යුගයට ‍සරිලන ලෙස දෙරට අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින් ඉදිරියට කරා ගමන් කළ යුතු බවත් ෂී ජින්පිං මහතා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එකම වේදිකාවට ගෙන ඒමට දිලිත් ජයවීර GLEC අරඹයි

ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන එන Global Lankan Entrepreneur Club හෙවත් GLEC ඩිජිටල් වේදිකාව එළිදැක්වීම අද...

උද්ධමනය ඉතා ඉහළයි.. ජීවත්වීම සඳහා 100%ක වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍යයි- පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය

2027 වසරට අදාළ අයවැය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ප්‍රකාශ කරන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද ( 2026 නොවැම්බර් 15 ) දින පෙරවරු 11.00ට නුගේගොඩදී...

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img