විමල් සහ උදය එක්වෙති.
විමල් සහ උදය එක්වෙති. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එක්ව ඒකාබද්ධ ප්රතිඥාවට අත්සන් තැබීමේ කටයුතු මේ වනවිට පන්නිපිටියේ පිහිටි විමල් වීරවංශ මහතාගේ කාර්යාලයේ දී සිදු කෙරෙමින් පවතී. එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් තමන් ලබන විශිෂ්ට ජයග්රහණය අනතුරුව තම භූමිකා මගින් ඉටුකරනු ලබන ජනතා අපේක්ෂාවන් කවරේ ද යන්න අනාවරණය කරමින් එම ජනතා අපේක්ෂාවන් ඉටු කරනු ලබන බවට ප්රතිඥාවක් ලබාදීම සඳහා මෙම දේශපාලන පක්ෂ අතර එකගතා ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිතයි.






















