සංචාරක ක්ෂේත්රය ආශ්රිත රැකියා ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා……
සංචාරක ක්ෂේත්රය ආශ්රිත රැකියා ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා……
• බණ්ඩාරවෙල, ඇල්ල ඇතුළුව සංචාරක කලාප හඳුන්වා දෙනවා……
• බණ්ඩාරවෙල පනංගල වැව ආශ්රිත ප්‍රදේශය, මහියංගණය සොරබොර වැව ආශ්රිත කලාපය, ලුණුගල මඩොල්සිම නගරය ආදී ප්‍රදේශ සංචාරක පුරවර ලෙස සංවර්ධනය කරනවා……
• හපුතලේ නගරයේ සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා……
• දියලුම දිය ඇල්ල ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධනය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කරනවා…….
– ශ්‍රී.පො.පෙ.නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බදුල්f,aoS
සංචාරක කර්මාන්තය දියුණු කරමින්, එම ක්ෂේත්රය ආශ්රිත රැකියා ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ Bfha (2020.07.24) පස්වරුවේ බදුල්ල විල්සන් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවති හමුව අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
බදුල්ල නගරයට එද්දි කුණු කන්දක් පේනවා. අපේ කාලයේ මේ කුණු කන්ද ඉවත් කරන්න යද්දි එක පිරිසක් එකතුවෙලා ඒක අතරමග නතර වුනා. පුළුවන් තරම් ඉක්මනින් බදුල්ල නගරයෙන් මේ කුණු කන්ද ඉවත් කරන්න අපි පියවර ගන්නවා. ප්‍රේමදාස යුගයේ භීෂණය ගැන මෙතැන අද ඉන්න තරුණයෝ දන්නේ නැහැ. ඒ කාලයේ බදුල්ල දිස්ත්‍රික්කයේ විතරක් 4792ක් muK මරා දැමුවා. අද බදුල්ල දිස්ත්‍රික්කය ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ilia lරලd තිබෙන්නේ. බණ්ඩාරවෙල, ඇල්ල ඇතුළුව සංචාරක කලාප හඳුන්වා දෙන්න අපි තීන්දු කරලා තියෙනවා.



























