එළවළු ගොවියාට හොඳ මිලක්…..• ගොවීන්ට නව තාක්ෂණික ක්‍රමවේද යටතේ වැඩි අස්වැන්නක් ලැබීමේ අවස්ථාව ලබා දෙනවා……..
මෙරට එළවළු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීම සඳහා රජයක් වශයෙන් ගත හැකි සියලු පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි
(2020.07.24) පස්වරුවේ බදුල්ල හාලිඇළ ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එළවළු වගා කිරීම නිසා සමහර කාලවලදී ගොවීන්ට මුහුණ දීමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් රජය ඉතා හොඳ අවබෝධයක සිටින බවයි.
ඒ අනුව එළවළු සඳහා හොඳ මිලක් ලබාදීම වෙනුවෙන් , ගොවීන් දැනුවත් කිරීම මෙන්ම නවීන වගා තාක්ෂණ ක්‍රමවේද හඳුන්වා දීම සහ වගා කළ යුතු කාලය සම්බන්ධයෙන් දැනුවත් කිරීම ඇතුළු සැලසුම් සහගත ක්‍රියාවලියක් ගොවි ජනතාව වෙනුවෙන් හඳුන්වාදීමට නියමිතයි.
පසුගිය සමයේ තම එළවළු නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකිව එළවළු ගොවීන් අසරණ වන ආකාරය විවිධ අවස්ථාවලදී දක්නට ලැබුණත්, ඉදිරියේ බිහිවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයක් මඟින් එවැනි සිදුවීමක් නොවන්නට වගබලා ගන්නා බවද එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එළවළු ගොවීන්ට අලීන්ගෙන් සිදුවන බාධා සම්බන්ධයෙන් මෙහිදී සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වන අලි ගැටළුවට ඉතා ඉක්මනින් නිසි විසඳුම් ලබාදීමට ලබාදීමට කටයුතු කරන බවයි.
මෙරට අර්;dm,a නිෂ්පාදනයෙන් සියයට හැත්තෑවක් පමණ බදුල්ල දිස්ත්‍රික්කයෙන් isÿ lrk හෙයින් අර්තාපල් වගා ගොවීන් වෙනුවෙන්ද නව තාක්ෂණ ක්‍රමවේද යටතේ වැඩි අස්වැන්නක් ලැබීමේ ක්‍රම හඳුන්වාදීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන උදිත ලොකුබණ්ඩාර, සෙන්දිල් තොණ්ඩමන් we;=`M අපේක්ෂක අපේක්ෂිකාවන් සහභාගි වූහ.






















