Sunday, November 15, 2026
HomeNEWSLatest Newsතරුණයා වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් කළේ අපේ ආණ්ඩුවයි

තරුණයා වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් කළේ අපේ ආණ්ඩුවයි

• ආගම්, ජාති, කුළ භේදයකින් තොරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග තරුණ පිරිස් එක් වෙනවා…..

• ” ජිවිතයට හැකියාවක් – හැකියාවට රැකියාවක් ” ලැබිය යුතුයි කියන තැන අපි සිටිනවා…. 

•   අපි බලයට ආපු හැමදාම තරුණ රැකියා ප්‍රශ්නයට විසඳුම් දුන්නා….

– ශ්‍රී.පො.පෙ.නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළියේoS

” තරුණයා වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් කළේ අපේ ආණ්ඩුවයි ”  යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (2020.07.26) නුවරඑළිය ඇල්පයින් හෝටලයේ පැවැති තරුණ සමුළුවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ වර්තමානයේ ආගම්, ජාති, කුළ භේදයකින් තොරව තරුණ තරුණියන් පක්ෂයක් වටා එක්ව සිටිනවා නම් ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවයි. 

නුවරඑළියට පැමිණ තරුණ හමුව ඇමැතීමට ලැබීම ගැන සතුටු වෙනවා. මේ රටේ තරුණයින් ගැන කතා කරද්දි ප්‍රේමදාස යුගය අමතක කරන්න බැහැ. 1988 සහ 1990 කාලයේ ප්‍රේමදාස ආණ්ඩුවේ භීෂණයෙන් රටපුරා තරුණ තරුණයින් හැට දහසකට අධික ප්‍රමාණයක් මරා දැමුවා. ඒ අතරින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් මරා දැමුණ තරුණ තරුණයින් සංඛ්‍යාව 1416ක්. පාරවල් දිගේ තරුණ තරුණියෝ මරලා දාලා තිබුණා. ඔබ මේ කාලයේ ඉපදිලාත් නැතිව ඇති. එවැනි යුගයක් අපි පහුකළා. 

එක දවසක් මම තංගල්ලේ ඉදලා මාතර උසාවියට යනකල් මළ කඳන් ගණන ගKන් කලා. මාතරට යද්දි මළ කඳන් 28ක් තිබුණා. එවැනි ඉතිහාසයක් පහුකරලා අපි රටේ සංවර්ධනය පටන්ගත්තේ. එතෙක් තිබුණු කිසිම ආණ්ඩුවක් රටේ සංවර්ධනය ගැන හිතුවේ නැහැ. 

තිස් වසරක් තිබුණු යුද්ධය කලේ ඔබේ දෙමව්පියන්ගේ බෑග් බස්වලදි චෙක් කරනවා. බස්වලින් සෙනඟ බස්සවලා මගදි චෙක් කරනවා. ඒ වගේ යුගයක් තමයි අපි අවසන් කළේ. යුද්ධය දිගින් දිගටම පැවතුණා නම් අදත්, හෙටත් ඒ ක්‍රමවේදයමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රමවේදය නැති කරන්න අපිට හැකි වුනා. 

සමහරු අහනවා බලයට ඇවිත්  අපි මොනවාද කළේ කියලා. අපි බලයට ආපු ගමන් උපාධිධාරීන්ට රැකියාදීම ආරම්භ කළත්, මැතිවරණ කොමසාරිස්වරයා ඒක නතර කළා. ඒ විතරක් නෙවෙයි. රැකියා  ලක්ෂයක් තරුණයින්ට දෙන්න, සම්මුඛ පරික්ෂණ පවා තියලා අවසානයි. දැන් තියෙන්නේ පත්වීම් ටික දෙන්න විතරයි. නමුත් මැතිවරණ කොමසාරිස්වරයා ඒකත් මැතිවරණය අවසන් වන තෙක් නතර කරලා තියෙන්නේ. හේතුව විදියට කියන්නේ ඒ රැකියා දීම පගාවක් විදියට සැලකීමේ හැකියාව ති‍යෙනවා කියලයි. 

අපි රැකියා දුන්නේ ඒකට නෙවෙයි. ඒක අපේ ප්‍රතිපත්තිය. අපි බලයට ආපු හැම කාලෙකදිම තරුණයින්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. හැම උපාධිධාරියෙකුටම රැකියා දුන්නා. නමුත් 2015න් පස්සේ උපාධිධාරීන්ට රැකියා නැති වුණා. ඒ අවස්ථාව අපි නැවතත් ලබා දෙනවා. තරුණයින්ට වෘත්තීය පුහුණුව සදහා අවස්ථා ලබා දීලා තියෙනවා. කාර්මික විද්‍යාල ශක්තිමත් කළේ තරුණ තරුණියන්ගේ ජිවිතයට හැකියාවක් හැකියාවට රැකියාවක් ලබා ගැනීමේ හැකියාව තියෙන නිසයි. තරුණයා වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් කරපු ආණ්ඩුවක් තියෙනවා නම් ඒ අපේ ආණ්ඩුවයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ආපු හැටියෙම කැබිනට් මණ්ඩලයට උපදෙස් දුන්නේ මේ රටේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න විසඳන්න කියලයි. ඒ අනුවයි උපාධිධාරීන්ට රැකියා දීම හා රැකියා ලක්ෂයක් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ. 

පොහොට්ටුවේ අපිට ආගම් භේදයක් නැහැ. ජාති භේදයක් නැහැ. අද ආගම්භේදයක්, ජාති භේදයක්, කුළ භේදයක් නැතිව එකට ඉන්න පක්ෂයක් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ. ඔබේ ඡන්දය නෙලුම් පොහොට්ටුවට දෙන්න. ඒ වගේම මනාප තුනම පාවිච්චි කිරීමත් ඔබේ අයිතියක්. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා, හිටපු අමාත්‍ය එස්. බී දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img