Thursday, September 17, 2026
HomeNEWSLatest News“හොර මුද්දර මැෂිමකින් ලියුම් යවපු නිමල් ආර්. පීරිස් ගැන සජිත් නිහඬයි. ඒත්...

“හොර මුද්දර මැෂිමකින් ලියුම් යවපු නිමල් ආර්. පීරිස් ගැන සජිත් නිහඬයි. ඒත් මගේ ලියුම් කවරයේ ඇඳපු ‘මුද්දර පින්තූරය’ අරන් ගිහින් කොමිසමට පැමිණිලි කරනවා”

“හොර මුද්දර මැෂිමකින් ලියුම් යවපු නිමල් ආර්. පීරිස් ගැන සජිත් නිහඬයි. ඒත් මගේ ලියුම් කවරයේ ඇඳපු ‘මුද්දර පින්තූරය’ අරන් ගිහින් කොමිසමට පැමිණිලි කරනවා”

– ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ

ව්‍යාජ මුද්දර මැෂිමක් යොදා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන සිය රුස්වීමට ලිපි දහස් ගණනක් යවා රජයට රුපියල් ලක්ෂ ගණනක් පාඩු කළ නිමල් ආර්. පීරිස් මහතා මහජන දේපළ පනත යටතේ ඇප ලබා දිය නොහැකි වරදක් සිදු කර තිබිය දී කෙසේ හෝ ඇප මත නිදහස් වීමේ නිර්ලජ්ජිත, බරපතළ වංචාව පිළිබඳ වචනයක් හෝ කතා නොකරන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එහි නායකයන් තමන් තැපැල් ඡන්දය වෙනුවෙන්, තැපැල් ඡන්දදායකයාට යැවීමට සකස් කළ ලිපිය දැමූ නිර්මාණාත්මක ලියුම් කවරයෙහි ඇද තිබූ ‘මුද්දර පින්තූරය’ පිළිබඳ මහා ඝෝෂාවක් කරමින් මැතිවරණ කොමිසමට ඒ පිළිබඳව පැමිණිලි කරන තරමට බංකොලොත් වී ඇති බව ජානිපෙ නායක, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

අද (27) බියගම නාගහමුල හන්දියේ පැවැති කාන්තා හමුවක් අමතමින් ඒ මහතා මෙසේ පැවසීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය. 

“සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයේ කට්ටිය මැතිවරණ කොමිසමට ගිහිල්ලා පැමිණිල්ලක් දමලා, මම මුද්දරයක් ගැහුවා, කියලා. මම තැපැල් ඡන්දදායකයාට යැවීමට හදපු පත්‍රිකාව දැමීමට හදපු ලියුම් කවරයේ මුද්දරයක් වැනි පින්තූරයක් ඇඳ තිබුණා. එය බැලූ බැල්මට මුද්දරයක්. නමුත් පින්තූරයක්. මුද්දරයක් වෙනුවට පින්තූරයක් ඇඳ තිබෙන ලියුමක් තැපැල් ගාස්තු ගෙව්වා සේ සලකා තැපැල් දෙපාර්තමේන්තුව එය භාර ගන්නවාද? එහෙම තැපැල් මගින් ලියුම් යවන්න බැහැ, කියා කුඩා දරුවෙකුට වුවත් තේරෙනවා. මේ පැමිණිල්ල කරපු සමගි බලවේගයේ පිරිස කවදාවත් ලියුමක් තැපෑලේ යවා නැති පිරිසක් ද කියා මම දන්නේ නැහැ. 

තැපැල් ඡන්දදායකයා ඉලක්ක කරගෙන මා සිදු කළ නිර්මාණාත්මක ප්‍රචාරණ දැන්වීම ඔබ දැක ඇති. එහි දී බයිසිකලයකින් ගෙදරටම ගොස් මගේ මනාප අංකය සහිත ටී ෂර්ට් එකක් පැලඳි ලියුම් බෙදන්නකු මගේම අත් අකුරින් ලියපු ලිපියක් බෙදනවා, දැක ගත හැකියි. එයයි අපි කොළඹ දිස්ත්‍රික්කයේ සිදු කළේ. එම ලිපිය අඩංගු ලියුම් කවරයේ ඇඳ තිබූ ‘මුද්දරයක පින්තූරය’ අල්ලා ගෙන තමයි මේ අය අද කෑගහන්නේ. 

සමගි ජන බලවේගයේ අපේක්ෂක නිමල් ආර්. පීරිස් මහතා, සජිත් ප්‍රේමදාස මහතා එන රැස්වීමකට ලියුම් දහස් ගණනක් යවලා හොර මුද්දර මැෂිමකින්. එය තලංගම පොලිසියට හසු වුණා. රජයට කර ඇති පාඩුව රුපියල් එක් ලක්ෂ ගණනක්. මේ වරදට සජිත්ගේ එකී අපේක්ෂකයා කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළා. මහේස්ත්‍රාත්තුමන් හිටියේ නැහැ. වැඩ බලන මහෙස්ත්‍රාත් එදින සිටියේ. ඔහු සජිත්ලාගේ නීතිඥ සංගමයක ලොක්කෙක්. ඒ නිසා ඇප ලැබිලා. රජයට කර ඇති අලාභය රුපියල් 50,000කට වැඩි නම් ඇප ලබා දීමට බැහැ. නමුත් පොදු දේපළ පනතෙහි එසේ සඳහන් වුවත් එදා සජිත්ගේ අපේක්ෂකයාට ඇප ලැබුණා. හොර මුද්දර මැෂිමක් භාවිතා කරලා, ලියුම් යවලා රජයට රුපියල් ලක්ෂ ගණනක පාඩුවක්  කරලා, පොදු දේපළ පනත යටතේ ඇප දිය නොහැකි වරදක් තිබිය දී ඇපත් අරගත්තු අපේක්ෂකයා ගැන සජිත්ගේ බලවේගය කතා නැහැ. මගේ ‘මුද්දරයක් වගේ පින්තූරය’ සහිත ලියුම් කවරය අරන් ගිහින් මැතිවරණ කොමිසමට අද පැමිණිලි කරනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මට්ටක්කුලියේ මාරක අනතුරක්.. තිදෙනෙකු මරුට

මට්ටක්කුලිය - රාස්සමූණකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු මරුට. 05 කට වැඩි පිරිසකට තුවාල: පොලිසිය .

මහජන අධීචෝදනා අධ්‍යක්ෂ තනතුර ඇති නොකරන්නේ ඇයි? ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 16 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. දැන් මේ...

නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් සිද්ධියට අදාලව ඇ:ඩො:මි: 2 ක් අයථා පරිහරණ චෝදනාවට සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ පා. ම. නාමල් රාජපක්ෂ ලබන 23 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව...

මන්නාරම රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ දියුණු වන මන්නාරම දිස්ත්‍රික්ක තුළ ඉහළ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img