සජිත්ට සහය පළ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 ක් ඇතුළු 110ක ගේ එජාප සාමාජිකත්වය අත්හිටුවීමට අනුමැතිය.
සමගි ජන බලවේගය ට සහාය පළ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් හතර දෙනෙක් ඇතුළු එකසිය දහ දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව එක්සත් ජාතික පක්ෂය නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.






















