අගමැති මහින්දට අසනීපයි…. ඔක්සිජන් දෙනවා… ටොයියන්ගේ කට කතා වලට අගමැතිගෙන් උත්තර.
තමාට අසනීපයි දැඩි සත්කාර ඒකකයේ ඔක්සිජන් ලබා දෙන බවට සමාජ මාධ්ය ජාලාවල ඡායාරූප සහිතව අසත්ය කට කතා ප්රචාරය වන බවත් දේශපාලන වශයෙන් බංකොලොත් වී පරාජය හමුවේ වියරු වැටී සිටින පිරිස් සිදුකරන කට කතාවලට මේ රටේ පොදු මහජනතාව රැවටෙන්නේ නොමැති බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අගමැතිවරයා මේ බව ප්රකාශ කළේ 02වැනි දා රාත්රී මාතර වැලිගම නගරයේ පැවති අවසන් ජන රැලියට සහභාගි වෙමිනි. මේ අතර එදින සවස තංගල්ල නගරයේ පැවති ජන රැලියට සහභාගී වෙමින් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කළේ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්රහණයක් ලබාගන්නා බවයි. වීඩියෝ සහිතයි.






















