2020 මහ මැතිවරණය – අපේක්ෂකයින් 7452ක් තරග බිමේ
අගෝස්තු හය වැනි දා මධ්යම රාත්රියට පෙර මහ මැතිවරණ ප්රතිඵල නිකුත් කිරීමටත්, අගෝස්තු හත් වැනි දා මනාප ප්රතිඵල නිකුත් කිරීමටත් හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා ප්රකාශ කළේය.
ශ්රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුව වෙනුවෙන් මන්ත්රීවරුන් 225 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා වන මහ මැතිවරණයේ ඡන්ද විමසීම හෙට (05) උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිතය.
මැතිවරණ දිස්ත්රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20කින් මෙන්ම ස්වාධීන කණ්ඩායම් 34කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු මෙවර තරග වදී.
2019 ඡන්ද හිමි නාමලේඛනය අනුව මෙවර ලියාපදිංචි සමස්ත ඡන්දදායකයන් සංඛ්යාව එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන් දහස් අටසිය අසූපහකි.
වැඩිම ඡන්දදායකයින් සංඛ්යාවක් සිටින්නේ ගම්පහ දිස්ත්රික්කයේ වන අතර එම ගණන දාහත්ලක්ෂ අසූපන්දහස් නවසිය හැටහතරකි.
අඩුම ඡන්ද දායකයින් සංඛ්යාව සිටින්නේ වවුනියා, මුලතිව් හා මන්නාරම යන පරිපාලන දිස්ත්රික්ක 3 න් සමන්විත වන්නි මැතිවරණ දිස්ත්රික්කයේ වන අතර එම ගණන දෙලක්ෂ අසූහත්දහස් විසිහතරකි.
දිවයින පුරා ඡන්ද මධ්යස්ථාන 12,985 ක් ස්ථාපිත අතර අදාළ මධ්යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්රවාහනය අද සිදුකෙරුණි.






















