Sunday, July 19, 2026
HomeNEWSLatest Newsරනිල් - රවී සහ පරාජය වූ අනෙක් අය

රනිල් – රවී සහ පරාජය වූ අනෙක් අය

රනිල් – රවී සහ පරාජය වූ අනෙක් අය

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 70 කට වැඩි පිරිසකට මෙවර මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද මෙවර සිය පාර්ලිමේන්තු අසුන අහිමිවීම විශේෂත්වයකි.

වසර 43 ක කාලයක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ , පස්වරක්ම මෙරට අග්‍රාමාත්‍ය පදවිය හෙබවූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වූයේ එම පක්ෂයට කොළඹ දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසනයක් හිමි නොවීම නිසයි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයට එම පක්ෂයෙන් තරගවැදුණු එහි උපනායක රවී කරුණානායක, දයා ගමගේ යන හිටපු මන්ත්‍රීවරුන්ට මෙන්ම සමගි ජන බලවේගයෙන් තරග කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර , සුජීව සේනසිංහ , ඒ.එච්.එම්. ෆවුසි යන හිටපු මන්ත්‍රිවරුන්ටද මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි විය.

කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින්  තරග කළ තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රීවරයාට ද මෙවර පරාජය හිමි විය.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අර්ජුන රණතුංග,  රුවන් විජේවර්ධන මෙන්ම සමගි ජනබලවේගයෙන් තරග වැදුණු එඩ්වඩ් ගුණසේකර, අජිත් මාන්නප්පෙරුම, විජිත් විජයමුණි සොයිසා සහ චතුර සේනාරත්න යන හිටපු මන්ත්‍රීවරුන්ට ද මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ හිටපු මන්ත්‍රී ඩුලිප් විජේසේකර මහතාටද මෙවර පරාජය උරුම විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img