Friday, September 4, 2026
HomeNEWSLatest Newsමීගලෑව ගොවීන්ගේ ජල ගැටළුව මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සොයා බලයි

මීගලෑව ගොවීන්ගේ ජල ගැටළුව මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සොයා බලයි

මීගලෑව ගොවීන්ගේ ජල ගැටළුව මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සොයා බලයි

ජලය ප්‍රමාණවත් පරිදි තිබියදීත් මහවැලි නිලධාරීන් නිසි පරිදි ජලය නිකුත් නොකිරීමෙන් මහවැලි “එච්” කලාපයේ මීගලෑව ගොවීන්ගේ යල කන්නයේ වගා කටයුතු ඇණහිටි බවට ගොවීන් පිරිසක් ඊයේ (08) චෝදනා කළේය.

කෙසේ වෙතත් මීගලෑවට අද (09) පැමිණ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමෙන් අනතුරුව මහවැලි අධ්‍යක්ෂ ජනරාල් බී.ඒ.එස්.එස්. පෙරේරා මහතා පැවසුවේ යල කන්නයේ දී ප්‍රමාණවත් පරිදි ගොවීන්ට ජලය නිකුත් කර ඇති බවය.

කලා වැවෙන් පෝෂණය වන ගල්ගමුව මීගලෑව ගොවීන්ට යල කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි ජලය නිකුත් නොකිරීම නිසා එහි වගා කටයුතු ඇණහිට තිබුණි.

ගල්ගමුව මීගලෑව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් ඒ පිළිබඳව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට පියවර ගැනීමෙන් පසු එම ගොවි ජනතාවට අවශ්‍ය ජලය නිකුත් කරන්නැයි ජනාධිපතිවරයා මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබුණි.

ජනාධිපතිවරයා උපදෙස් දුන්නද බලධාරීන් තමන්ට නිසි පරිදි ජලය නිකුත් නොකළ බවට ගොවීන් ඊයේ දිනයේත් චෝදනා කර සිටියේය.

කෙසේ වෙතත් මෙම ගැටලුව පිළිබඳව සොයා බැලීම සඳහා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් බී.ඒ.එස්.එස් පෙරේරා මහතා අද මීගලෑව ප්‍රදේශයට පැමිණ ගොවි සංවිධාන නියෝජිතයින් සහ මහවැලි නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත විය.

කෙසේ වෙතත් සාකච්ඡාවෙන් පසු ප්‍රදේශයේ හිමිනමක් සහ තවත් ගොවීන් පිරිසක් එම ස්ථානයට පැමිණියේය.

ඔවුන් චෝදනා කළේ සියලු ගොවීන් නියෝජනය නොවන පරිදි එම සාකච්ඡාව පැවැත්වීමෙන් ගොවීන්ගේ සැබෑ ගැටලු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දීමට අවස්ථාවක් හිමි නොවුණු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img