Sunday, November 15, 2026
HomeNEWSLatest Newsඉහළ යන බිත්තර මිල

ඉහළ යන බිත්තර මිල

ඉහළ යන බිත්තර මිල

වෙළෙඳපොළේ බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

මෙලෙස බිත්තර මිල ඉහළ යන්නේ ඇයි? එහි ඉදිරි වෙළෙඳපොළ තත්ත්වය කෙසේ වේවිද ? අද දෙරණ ඒ පිළිබඳව විමසා බැලුවේය.

වෙළෙඳපොළේ බිත්තරයක සිල්ලර මිල අද (16) වන විට රුපියල් 22 ත් රුපියල් 24 ත් අතර මිලකට ඉහළ ගොස් තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ ඉකුත් මාර්තු මාසයේ මුල වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 18 ත් 20 ත් අතර මිලක පැවති අතර පසුව රජයේ මැදිහත්වීමෙන් බිත්තරයක සිල්ලර මිල රුපියල් 10 දක්වා අඩුකෙරුණි.

කෙසේවෙතත් බිත්තර මිල අප්‍රේල් මාසයේ රුපියල් 15 ක්, මැයි මාසයේදී රුපියල් 17 ක්, ජුනි මාසයේ රුපියල් 18 ක්, ජුලි මාසයේ රුපියල් 20 දක්වාත් මිල ඉහළ යාමෙන් පසු අද වනවිට රුපියල් 23.50 දක්වා අඛණ්ඩ මිල වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.

ඇතැම් ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 25 දක්වා ඉහළ නංවා ඇති බවද වාර්තා වේ.

ලංකාවේ දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 85 ක් පමණ වන අතර මේ වනවිට එය සියයට 30 කින් පමණ පහළ බැස ඇත.

කොවිඩ්  ව්‍යාප්තියෙන් පසු කුකුළු ගොවිපොළවල සතුන් ඇති කිරීම ප්‍රමාණාත්මකව අඩු වීම, යුරෝපයෙන්, අමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් මව් සතුන් ආනයනය ඇනහිටීම මෙන්ම සත්ව ආහාර සඳහා සහල් භාවිත කිරීමට පැනවූ තහනම හේතුවෙන් දේශීයව සත්ව ආහාරවල මිල ඉහළ යාම මෙලෙස බිත්තර මිල ඉහළ යාම කෙරෙහි බල පා තිබේ.

කෙසේවෙතත් සත්ව ආහාර අමුද්‍රව්‍යවල මිල අඩු කිරීමට රජය මැදිහත් වන්නේ නම් බිත්තර මිල අඩු කළ හැකි වනු ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img