Wednesday, September 9, 2026
HomeNEWSLatest Newsව්‍යවස්ථාව වෙනස් කිරීමට සමාජ කථිකාවක් අවශ්‍යයි - තිස්ස අත්තනාය

ව්‍යවස්ථාව වෙනස් කිරීමට සමාජ කථිකාවක් අවශ්‍යයි – තිස්ස අත්තනාය

ආරක්ෂක අමාත්‍යාංශය ගැසට් නොකර ජනාධිපතිවරයා විසින් එම අමාත්‍යධුරයේ කටයුතු කිරීම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකිරීමක් බව සමගි ජන බලවේගය පවසයි.

අද (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මේ බව සඳහන් කළේය.

“මූලික ගැටලු සඳහා කිසිඳු විසඳුමක් නැහැ. 19 සංශෝධනයද මූලික ගැටලුව. මූලික උපාය මාර්ගය වෙලා තිබෙන්නේ ද්විත්ව පුරවැසියන්ට ඡන්දය ඉල්ලන්න අවස්ථාව දෙන්න, ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරන්න. ව්‍යවස්ථාවට අනුව ජනපතිට අමාත්‍යධුර දරන්න බැහැ නමුත් ආරක්ෂක අමාත්‍යධුරය දරනවා. ගැසට් කරන්න බැහැ ව්‍යවස්ථා විරෝධි නිසා. ගැසට් නොකර කටයුතු කිරීම බලය අයුතු ලෙස භාවිත කිරීමක්. “ යනුවෙන් ඒ මහතා පැවසීය.

සුද්දාගේ කාලයේවත් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තිබිලා නැහැ. මෙය සිවිල් පාලනයට අදාළ කාරණාවක් නිසා ව්‍යවස්ථාව වෙනස් කරන්න සමාජ කථිකාවක් අවශ්‍යයි“ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය

ඇමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය පර්සියානු බොක්කේ ගමන් කළ ඇමරිකානු නෞකා දෙකකට සහ තෙල් ප්‍රවාහන නෞකා අටකට ද ප්‍රහාර එල්ල කරයි: විදෙස් මාධ්‍ය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img