Monday, November 16, 2026
HomeNEWSමත් කුඩු නැති නිසා බන්ධනාගාර රැඳවියන් තිදෙනක් දිවි නසාගෙන

මත් කුඩු නැති නිසා බන්ධනාගාර රැඳවියන් තිදෙනක් දිවි නසාගෙන

රජය ගනිමින් තිබෙන ක්‍රියාමාර්ග සමග මත්ද්‍රව්‍ය බන්ධනාගාරවලට ලැබීම බොහෝදුරට වැළකීම හේතුවෙන් ඉකුත් සතියේ දී රැඳවියන් තිදෙනකු දිවි නසාගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අනාවරණ කළේය.

මේ අතර අද (24) සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

“විශේෂයෙන්ම බන්ධානාගාරයෙන් පිටත ආරක්ෂාව සඳහා මෙම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවන්නේ, මෙම නිලධාරීන් බන්ධනාගාරයට ඇතුළු වන නිලධාරීන්, සිරකරුවන් පරීක්ෂා කරනවා.“ යනුවෙන් ඒ මහතා පැවසීය.

“බන්ධනාගාරවලට මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ නැති නිසා පසුගිය සතියක කාලය තුළ මත්ද්‍රව්‍යයට හුරු වූ බන්ධනාගාර රැඳවියන් අසහනකාරී ලෙස හිටියා. පසුගිය සතියේ ඒ අතුරින් තිදෙනෙකු දිවි නසා ගත්තා“  යනුවෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් පැවසීය.

මේ අතර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පොළොව යට ආරක්ෂිතව වල දමා තිබූ ජංගම දුරකතන 19ක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාලත් සංවර්ධනය කරනවා= අග්‍රාමාත්‍යතුමිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාලත් සංවර්ධනය කරන්න කටයුතු කරනවා 2027 අයවැයෙන් වෙන් කළ මුදල් නිසිපරිදි භාවිත කරන එක රජය විසින් ඔබට ලබා දෙන...

සෞදියේ රියාද් අගනුවර, කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ මූල්‍ය මධ්‍යස්ථානයකට මිසයිල ප්‍රහාර

සෞදියේ රියාද් අගනුවර, කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ මූල්‍ය මධ්‍යස්ථානයක් ඉලක්ක කර බැලැස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බව යේමනයේ හූති කැරලිකරුවන් ප්‍රකාශ කරයි.

ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එකම වේදිකාවට ගෙන ඒමට දිලිත් ජයවීර GLEC අරඹයි

ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන එන Global Lankan Entrepreneur Club හෙවත් GLEC ඩිජිටල් වේදිකාව එළිදැක්වීම අද...

උද්ධමනය ඉතා ඉහළයි.. ජීවත්වීම සඳහා 100%ක වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍යයි- පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය

2027 වසරට අදාළ අයවැය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ප්‍රකාශ කරන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද ( 2026 නොවැම්බර් 15 ) දින පෙරවරු 11.00ට නුගේගොඩදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img