Wednesday, April 29, 2026
HomeNEWSLatest Newsමුතුරාජවෙල රක්ෂිතය තුළ තිබූ ස්කාගාර

මුතුරාජවෙල රක්ෂිතය තුළ තිබූ ස්කාගාර

මුතුරාජවෙල රක්ෂිතය තුළ සිදුකරගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර රැසක් ඊයේ (28) විනාශ කර තිබේ.

ඒ  ගුවන් හමුදා බුද්ධි ආවේක්ෂණ පද්ධතිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ අවි සහ යුධ උපක්‍රම අංශය හා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය එක්වය.

මීට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් හා බෝට්ටු කිහිපයක් ද යොදාගෙන තිබුණි.

මේ අතර, පෙරේදා දිනයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 03 ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බිරිඳ සතුව තිබූ වෑන් රථයක් ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපාරධ විමර්ශන ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

මේ පිළිබඳව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම වෑන් රථය භාවිත කරමින් පසුගියදා කටුනායක ගුවන්තොටුපළ හරහා මෙරටින් පළායාමට උත්සාහ කළ “වැල්ලේ සාරංග” ඇතුළු අංගොඩ ලොක්කාගේ ගෝලයන් සිව්දෙනා ගුවන්තොටුපළ ට පැමිණ ඇති බවය.

මොවුන් සිව්දෙනා හා හෙරොයින් කිලෝ ග්‍රෑම් 03 ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා එකම ජාලයක ජාවාරම්කරුවන් බව මෙම වෑන් රථය අත්අඩංගුවට ගැනීමෙන් පසුව අනාවරණ වී තිබේ.‍

මේ අතර, හෙරෝයින් ග්‍රෑම් 12 සමඟ සැකකරුවන් සිව්දෙනෙකු දුම්ගල්පිටිය පොලිස් නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම අඩප්පන් ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක සඟවා තිබූ ගිනි අවියක් අද (29) , යුද හමුදාව විසින් සොයාගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img