අද (30) දිනයේ මෙරටින් තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.
එම ආසාදිතයින් දෙදෙනා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අද දිනයේ මෙරටින් ආසාදිතයින් පස්දෙනෙකු හඳුනාගැණුනි.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 3000ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අතරින් රෝගීන් 2860 දෙනෙකුම මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් දෙදෙනෙකු 128 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.






















