Saturday, May 2, 2026
HomeNEWSLatest Newsමත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 400ක් පොලිස් දැලේ

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 400ක් පොලිස් දැලේ

අද (31) උදෑසන 05.00න් අවසන් වූ ගත වූ පැය 24 තුළ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 400 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් විශේෂ වැටලීම් ඒකකය විසින් සිදුකළ විමර්ශනවලදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

සිදුකළ වැටලීම් 386කදී හෙරොයින් ග්‍රෑම් 160යි මිලිග්‍රෑම් 758ක්, ගංජා ග්‍රෑම් 274යි මිලිග්‍රෑම් 377ක් සහ අයිස් ග්‍රෑම් 518යි මිලිග්‍රෑම් 517ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

බම්බලපිටිය, මීගමුව, මෝදර, පානදුර, මරදාන සහ සපුගස්කන්ද යන ප්‍රදේශවලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේය.

මේ අතර, හෙරොයින් ග්‍රෑම් 20 ක් සහ මත්පෙති 1538 ක් සමඟ පුද්ගලයෙකු වාලච්චේන පලෙයිකාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 28 හැවිරිදි වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ සමිපතමයෙකු වන මොහොමඩ් ෆායිස් මොහොමඩ් ෆාරුස් නොහොත් “පිච්චෙ ෆායිස්“ මාලිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාලිගාවත්ත ලී මෝලවත්ත ප්‍රදේශයේ දී ඊයේ (30) ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 180ක් ද පොලිස් බාරයට ගැනුණි.

බුස්ස බන්ධනාගාරයට ජංගම දුරකථනයක් රැගෙන යාම, ඝාතනයක් සිදු කිරීම, හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ද ඔහුට විරුද්ධව නඩු පවතින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img