කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල්වල සියලු අධ්‍යයන කටයුතු ලබන අඟහරුවාදා (08) දිනයේ සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ අදියර කිහිපයක් යටතේ ආරම්භ කෙරුණු පාසල්වල ප්‍රාථමික පංතිවල අධ්‍යයන කටයුතු අඟහරුවාදා දිනයේ සිට ආරම්භ කෙරෙන බවය.
සැප්තැම්බර් මස 02 වන දින සිට, 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණි.
හෙට (07) දිනයේ ප්‍රාථමික අංශයේ පංතිවල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලය පාසල්වලට පැමිණීමට නියමිත අතර අනිද්දා දිනයේ සිට සුපුරුදු පරිදි අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර, පාසල් ළමුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම මඟහරිමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් යළි කොරෝනා වෛරස ආසාදිතයින් රට තුළින් බිහිවීමේ අවදානමක් පවතින බවය.






















