Sunday, November 15, 2026
HomeNEWSLatest Newsදරුවාගේ අත බේරාගැනීමට කළ පැය අටේ ශල්‍යකර්මය

දරුවාගේ අත බේරාගැනීමට කළ පැය අටේ ශල්‍යකර්මය

මව්පියන් නිවසේ නැති අතරේ සිඟිති දරුවෙකුට සිදුවූ බරපතළ අනතුරක් පිළිබඳ සංවේදී පුවතක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් “අද දෙරණට“ වාර්තා වුණි.

වෛද්‍යවරුන්ගේ කැපවීම මත දරුවා සුවපත් කෙරුණත්, දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙමාපියන් සතු වගකීම මේ ප්‍රවෘත්තියෙන් යළි යළිත් අවධාරණය කෙරෙනවා.

හදිසි අනතුරකට ලක් වුණු තුන් හැවිරිදි ඒ පුංචි දරුවා කොළඹ “රිජ්වේ ආර්යා ළමා රෝහලට“ ඇතුළත් කෙරෙන්නේ ඊයේ රාත්‍රී 7ට පමණ.

ඒ දකුණු අතට සිදුවු බරපතළ කැපුම් තුවාල සමගිනි.

මාපියන් ගෙදර නැති අතරේ එම පුංචි පුතා, වඩේ සෑදීමට මිශ්‍රණය සකසන යන්ත්‍රය ක්‍රියාත්මක කර තිබේ.

ඒ සමගම ඊට අසු වූ සිඟිත්තාගේ අතේ අත්ල කොටස, කොටස් කිහිපයකට කැපී යන්නේ අස්ථිවලටත් දැඩි හානි කරමිනි.

ළමා රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශය දරුවාගේ අත සකස් කිරීමේ බාරදූර වගකීම බාර ගන්නේ සැණින් ක්‍රියාත්මක වෙමිනි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්ලාස්ටික් ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය අරුණජිත් අමරසිංහ මහතා දරුවාට ප්‍රතිකාර කළ ආකාරය පැහැදිලි කරමින් පැවසුවේ, “වඩේ මැෂින් එක කපන්න යන්ත්‍රයක් තිබුණෙ නෑ.නේවි එකේ දෙන්නෙක්ගේ උදව් ගත්තා.පැය අටක මෙහෙයුමක් කළා.දැන් දරුවා සුවෙන් ඉන්නවා,“ යනුවෙනි.

දිනෙන් දින වැඩෙන පුංචි දරුවන් අත්හදා බැලීම් කරන්නට නිතර උත්සාහ කරන වග අමුත්තක් නොවෙයි. එබැවින් කෙතරම් රාජකාරී තිබුණ ද දරුවන් ආරක්ෂා කර ගැනීම මාපියන් සතු වගකීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img