සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජික “වෙලේ සුදාගේ“ මස්සිනා ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඉමදූව, ඇල්ලගොඩ ප්‍රදේශයේ දී ඉමදූව පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1500ක් සහ ජංගම දුරකථන 04ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු වෙලේ සුදාගේ බිරිඳගේ සහෝදරියක සමග විවාහ වී සිටි පුද්ගලයෙකු වන අතර ඔහු කොළඹ ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
ඔහු බන්ධනාගාරයේ රඳවා සිටින “වෙලේ සුදා“ සහ “ඌරු ජුවා“ යන බැලීමට ගොස් අවස්ථා ගණනාවක දී ඔවුන්ට විවිධ නීති විරෝධි ද්‍රව්‍ය සැපයීම ද සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
සැකකරුගේ බැංකු ගිණුමට ගත වූ මාස දෙක තුළ රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් බැරවී ඇති බවට ද අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
වෙලේ සුදාගේ මස්සිනා සමග ඔහුගේ නිවෙස් රැඳී සිටි නුගේගොඩ, කොහුවල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනිමට නියමිතය.






















