අග්රාමාත්යතුමා, රාජ්ය අමාත්ය සිරිපාල ගම්ලත් මහතාගේ මෑණියන්ට අවසන් ගෞරව දක්වයි
මහවැලි කලාප ආශ්රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්ය අමාත්ය සිරිපාල ගම්ලත් මැතිතුමා ගේ ආදරණීය මෑණියන් වූ අභාවප්රාප්ත පනාගොඩගේ දොන් දයාවතී මැතිනියට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්රමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.09.11 දින එක්විය.
පොලොන්නරුව, පලුගස්දමන, මොණරතැන්න නිවසට ගිය අග්රාමාත්යතුමා ඇයට අවසන් ගෞරව දක්වමින් රාජ්ය අමාත්ය සිරිපාල ගම්ලත් මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් සමඟ ශෝකය බෙදා ගත්තේය.
පිරිමි දරුවන් නව දෙනෙකුගේ, ආදරබර මෑණියන් වූ දයාවතී මැතිනිය සිය මවගේ භූමිකාව තුළ ආදර්ශමත්, නිහතමානි හා යහපත් ජීවිතයක් ගත කළ ශ්රේෂ්ඨ කාන්තාවක් බව පැවසූ අග්රාමාත්යතුමා, ජාතිය ගොඩ නැගීමට ඇය විසින් ශක්තිමත් දරු පරපුරක් මේ රටට දායාද කිරීම අගය කළ යුතු බව කියා සිටියේය.
සිරිපාල ගම්ලත් මැතිතුමා සිය මෑණියන්ගේ අභාසය ලබමින් ආගමික ස්ථාන රැසක් ගොඩනැගීමට මුල් වී කටයුතු කළ බව සිහිපත් කළ අග්රාමාත්යතුමා සෝමාවතිය විශ්රාම ශාලාව ඇතුළු ආගමික වෙහෙර විහාර රැසක් ගොඩනැගීමට කළ මෙහෙවර ද සිහිපත් කළේය.






















