Thursday, September 3, 2026
HomeNEWSLatest Newsපාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකුගේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් පවරාගෙන - 5ක් අල්ලයි

පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකුගේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් පවරාගෙන – 5ක් අල්ලයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ බෝම්බකරුවෙකුට අයත් ඉඩමක්, ව්‍යාජ ඔප්පු සකසා පවරා වෙනත් පාර්ශවයක් විසින් පවරාගෙන ඇතැයි වාර්තා වේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරයෙකු ඇතුළු 05 දෙනෙක් ලබන 28 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් එම නියෝගය දී තිබේ.

එම ඉඩම සහ නිවස කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති බව වාර්තා වේ. එම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ එක් බෝම්බකරුවෙක් වූ ඉන්සාෆ් අහමඩ් නමැත්තාට හිමිව තිබු නිවසක් සහ ඉඩමක් එසේ ව්‍යාජ ලෙස පවරාගෙන ඇති බවට තොරතුරු හෙළිවූ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img