Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsපාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකුගේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් පවරාගෙන - 5ක් අල්ලයි

පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකුගේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් පවරාගෙන – 5ක් අල්ලයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ බෝම්බකරුවෙකුට අයත් ඉඩමක්, ව්‍යාජ ඔප්පු සකසා පවරා වෙනත් පාර්ශවයක් විසින් පවරාගෙන ඇතැයි වාර්තා වේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරයෙකු ඇතුළු 05 දෙනෙක් ලබන 28 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් එම නියෝගය දී තිබේ.

එම ඉඩම සහ නිවස කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති බව වාර්තා වේ. එම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ එක් බෝම්බකරුවෙක් වූ ඉන්සාෆ් අහමඩ් නමැත්තාට හිමිව තිබු නිවසක් සහ ඉඩමක් එසේ ව්‍යාජ ලෙස පවරාගෙන ඇති බවට තොරතුරු හෙළිවූ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img