Thursday, September 3, 2026
HomeNEWSLatest Newsවරාය නගර ව්‍යාපෘතියෙන් රැකියා අවස්ථා 83000ක්

වරාය නගර ව්‍යාපෘතියෙන් රැකියා අවස්ථා 83000ක්

කොළඹ වරාය නගරය ඉදිකිරීම තුළින් පළමු වතාවට මුහුදේ කොටසක් අපේ රටට එකතු කරගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ හය වෙනි සංවත්සරයට සමගාමීව සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“චීන ජනාධිපතිතුමයි මමයි ආරම්භ කරපු මෙම ව්‍යාපෘතියට අදට වසර 6ක් ගත වෙනවා. පසුගිය කාලයේ සිදු වූ යම් යම් දේ නිසා වසර 2 පමණ එම ව්‍යාපෘතියේ වැඩ ප්‍රමාද වුණා. දැන් නැවත වරාය නගර ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වී තියෙනවා. අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පත් වෙනවා,” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

“එමඟින් රැකියා 83,000 පමණ බිහි වෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා සමස්ථ ආයෝජනය ඩොලර් බිලියන 15ක්. අපි කුඩා අවදියේ අසා තිබුණේ මුහුදට මේ රට ඛාදනය වෙනවා කියලා. පළමු වතාවට අපි මුහුද අපේ රටට එකතු කර ගත්තා,“  යනුවෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img