Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsවරාය නගර ව්‍යාපෘතියෙන් රැකියා අවස්ථා 83000ක්

වරාය නගර ව්‍යාපෘතියෙන් රැකියා අවස්ථා 83000ක්

කොළඹ වරාය නගරය ඉදිකිරීම තුළින් පළමු වතාවට මුහුදේ කොටසක් අපේ රටට එකතු කරගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ හය වෙනි සංවත්සරයට සමගාමීව සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“චීන ජනාධිපතිතුමයි මමයි ආරම්භ කරපු මෙම ව්‍යාපෘතියට අදට වසර 6ක් ගත වෙනවා. පසුගිය කාලයේ සිදු වූ යම් යම් දේ නිසා වසර 2 පමණ එම ව්‍යාපෘතියේ වැඩ ප්‍රමාද වුණා. දැන් නැවත වරාය නගර ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වී තියෙනවා. අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පත් වෙනවා,” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

“එමඟින් රැකියා 83,000 පමණ බිහි වෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා සමස්ථ ආයෝජනය ඩොලර් බිලියන 15ක්. අපි කුඩා අවදියේ අසා තිබුණේ මුහුදට මේ රට ඛාදනය වෙනවා කියලා. පළමු වතාවට අපි මුහුද අපේ රටට එකතු කර ගත්තා,“  යනුවෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img