Thursday, September 3, 2026
HomeNEWSLatest Newsවනජීවී දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙයි

වනජීවී දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙයි

ගම්වදින හිවලුන් හේතුවෙන් භීතියට පත්ව සිටින මිල්ලනිය මුවපට්ටිය ගම්මානයේ ජනතාව ගැන පසුගියදා “අද දෙරණ“ හෙළිදරව් කළේය.

එම හෙළිදරව්වෙන් පසු එම ගම්මානයේ ආරක්ෂාව සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

හිවලුන් රංචු පිටින් කඩාවැදී නිවෙස්වල ඇති කරන සතුන් සහ මාර්ගයේ ගමන් ගන්නා මිනිසුන්ව සපා කෑම පිළිබඳ සිද්ධීන් වාර්තා වූ අතර හිවලුන් ගේ සපාකෑම නිසා මෑතකදී මරණ දෙකක් ද එම ගම්මානයෙන් වාර්තා වුණි.

භීතියට පත්ව සිටින කළුතර මුවපට්ටිය ගම්මානය පිළිබඳව “අද දෙරණ“ ඉකුත් සඳුදා අනාවරණ කළේ වනජීවී ඇමතිගේ අවධානයට ඊට යොමුකරමිනි.

හිවලුන් සපාකෑම නිසා ජලභීතිකා රෝගය වැළඳී තිබූ මී ගවයකුද අද මිය  ගිය බව අප වාර්තාකරු පැවසීය.

අද දෙරණ මේ පිළිබඳ කළ අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙස කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.

ගමට කඩා වදින හිවලුන් පිළිබඳ වනජීවි බලධාරීන්ට ක්ෂණිකව දැනුම්දීමට ගම්වාසීන් සඳහා 1992 විශේෂ දුරකථන අංකය හඳුන්වාදීමට එහිදී පියවර ගැනුණි.

එසේම රාත්‍රී කාලයේ ගමන් බිමන් යාමෙන් වළකින ලෙසද ගම්වාසීන්ගෙන් ඉල්ලීමක් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img