ෆිනෑන්ස් සමාගම්වල වාරික නොගෙවන වාහන නීතිවිරෝධී අයුරින් උකසට ගෙන තබාගන්නා ස්ථානයක් පිළිබඳ ව “අද දෙරණ” උකුස්සාට අනාවරණය විය.
ෆිනෑන්ස් සමාගම් හරහා මිලදීගෙන වාරික නොගෙවන පුද්ගලයින්ගේ වාහන නීතිවිරෝධී අයුරින් මෙම ආයතනය විසින් උකසට ලබාගෙන තබාගනී.
එම ස්ථානය පිහිටා ඇත්තේ මාකොළ ප්‍රදේශයේ.
“අද දෙරණ” උකුස්සා, එහි ඇති වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින් එම ස්ථානයට ළඟාවිය.
දැඩි ආරක්ෂාව යටතේ එහි වාහන රඳවා තිබූ අයුරු දක්නට ලැබුණි.
යතුරුපැදි, මෘත ශරීර රැගෙන යන කාර්, ගිලන් රථ සහ අධි සුඛෝපබෝගී මෝටර් රථ ඇතුළු සියලුම වර්ගයේ වාහන මෙහිදී දැකගත හැකි විය.
එහි සිටි සේවකයෙකු පැවසුවේ ෆිනෑන්ස් වාරික ගෙවා ගැනීමට නොහැකි පුද්ගලයින් විසින් වාහන, මෙහි උකසට තබා ඇති බවය.
නමුත් එසේ උකස් තැබූ වාහනයක් යළි ලබාගැනීම පහසු නොවන බව වාර්තා වේ. ඒ වාහනයේ හිමිකරුට කොන්දේසි රැසකට යටත්වීමට සිදුවන බැවිනි.






















